Posts

THE END

Image
ඒ වෙලාවෙත් ලස්සන කිසිම දෙයක් නොකිය එමාව තුරැල් කරගෙන විතරක් හිටිය ....
එමා ට ඒ හොදටම ඇති... ඕනි උනෙ උතුරල යන ආදරයක් විතරයි .....ආදර ට මග ඇරැනෙත් ඒක විතරයි ...

.ඒත් හෙට අලුත් දවසක් .....

එමා ඇස්පියාගෙන වැහුනු ආදර ගෙ දොර දිහා එක සැරයක් හැරිල බලලා ඇරනු දොරෙන් ඇතුලට ගිහින් ලස්සන ගෙ ලෝකෙට තුරැලු වුනා...
ජීවි⁣තේ අමාරැවෙයි....සමහරවිට..ලස්සන වෙයි..

.....................................................
එමා ගෙ කතාව එච්චරයි........
කතාව imaginary උනාට කතාවෙ ඉන්න චූටි ම චරිතෙ ත් අදටත් ජීවත් වෙනවා. ඒ චරිත හැම එකක්ම real life එකේ ජීවත් වෙන චරිත ..
එමාගෙ කතාවෙ නම් දුන්නෙ ඔයලගෙ හිතේ නමකින් රැදෙන්න ඕනි චරිත ටිකට විතරයි ...  එයාල ඔයාලගෙ හිතේ  හැමදාම රැදුණුදෙන්....හිරැක අයියගෙ වයිෆ්....කෝටු කකුල් ගර්ල් කියන්නේ ආදර ගෙ ලෝකෙ නිකන්ම නිකන් ආවො ගියෝ චරිත විතරයි ...එයාලට නමක් ඕනි නෑ....


Part 34

Image
හොදටම රෑ වෙද්දී  පපුව ⁣හීරෙනව වගේ දැනුනත් එමා හිත හයිය කරගත්තා...ලස්සන ලගදි දැනෙන මේ සැහැල්ලුව නැතිකරගන්න බය හිතුන...අද දව⁣සෙ ආදර පැත්තකින් තියල ජීවත් වුනු පැය ගාන පුදුම නිදහස් ....

ආදරගෙන් කොල් එකක් ආවෙ ඒ වෙලාවෙමයි..  
"එමා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....මම ජරා මිනිහෙක්..ඔයා පැත්තකින් තියාගෙන මම ගෑනු කීදෙනෙක් එක්ක ගියාද කියල මටවත් මතක නෑ....ඔයා දන්නෙ ටිකයි...මම පිස්සෙක්. ...මම වගේ ⁣කොල්ලෙක් මේ ලෝකෙ කිසිම ගෑනියෙක් ට ලැ⁣බෙන්න එපා....ඔයා වගේ රත්තරං කෙල්ලෙක් ලේසියෙන් කොල්ලෙක් ට ලැබෙන්නෙත් නෑ....ඔයා දැන් මොකා එක්ක ගියත් ඔයා ගොඩක් මම වෙනුවෙන් ඉවසුවා ...එමා මගෙ රත්තරං එමා....ඔයා සතුටින් ඉන්න ඕනි ..."

එමාට ඒ ටික ඇහෙද්දි ඉවසන්න බැරිවුණා ...කදුලු වැටෙද්දී  ඉකිගැහුනා....

" අනේ මගෙ රත්තරං ආදර ...ඔයාට වෙනස් වෙන්න බැරිද? ..මම ඉවසන්නම්...."ජීවිතේ මේ තරම් පපුව කඩාගෙන යන දුකක්....ඉවසන්න පුළුවන් ද?

" බෑ එමා එපා...ඉවසන්න එපා...මම හැදෙන එකක් නෑ...මේ දැන් මම ඉන්නෙත් අර බැල්ලි එක්ක ...මම මෙතනින් නවතින එකක් නැතිවෙයි....තව ගොඩක් කාලෙකට......ඔයා ඉවසන්න එපා...."

ආදර ෆොන් එක තියද…

part 33

Image
" මම කෙනෙක් හොයාගන්නව .."

" මම දන්න කෙනෙක් එපා.."

"ඒක මට පොරොන්දු වෙන්න බෑ ආදර ...හිතට දැනෙන කෙනෙක් ලංවුනොත් ඔයාගෙ යලෙුවෙක් ද නැද්ද අදාල නෑ...."

" හරි ...තෝ පලයං එහෙනම් ...."   ආදර තරහෙන් පිපිරැවා.

" මේ ආදර...මනුස්සයෙක් වගේ කතා කරන්න බැරි නම් මට කතා කරන්නත් එපා..."

" හරි හරි ...පලයං...ඉතිං"

" ඕකේ...බායි..."

ෆෝන් එක කට් කලාට පස්සේ එමාට ලොකු සැහැල්ලුවක් දැනුන ...ඇස් පියාගෙන හොදට හුස්මක් ගත්තට පස්සේ ඇස් අරිනකොට දැක්කෙ පුදුමෙන් වගේ බලන් ඉන්න ලස්සන ....එමා එයාව ගනන් ගත්තෙත් නෑ...

එතනින් එහාට මුලු දවස පුරාම එමා ට පුදුම සැහැල්ලුවක් දැනුන...ඔලුව උඩ තියන් හිටිය ලොකු බරක් බිමට දැම්මා වගේ්.අමාරැවෙන් ඇදල තියාගත්තු දෙයක් අතඇරිය වගේ සැහැල්ලුවක් දැනුන..

එමා ලස්සන ලගටවත් යන්නැතිව සෝෆා එක උඩ පදුම නිදහසකින් පොතක් කියෙවුවා. සිංදු කිවුවා....සදනි නංගිට කතා කරල පිස්සු කියවල හිනාවුනා...හම්මෝ......මේ තරම් සැහැල්ලුවක්.....අමාරැවෙන් අල්ලගෙන ඉන්න ඒව අතඇරියම දැනෙන සනීපයක් ....

ලස්සනත් එයාගෙ පුරැදු කල්කිරියාවෙන් එමාට බිංදුවක්වත් ඩිස්ටර්බ් කොකර …

Part 32

Image
" ඉතිං ඔයාට ලැබෙන දෙයක් නෑනෙ ලස්සන  .." එමා ට තාමත් හිත හදාගන්න බෑ..

" මට මොනව ලැබෙන්නද? මට මොකුත් ඕනි  නෑ"

" ඇයි ඔයා කියන්නේ නැත්තෙ ආදර අතඇරල ඔයාගෙ ලගට එන්න කියල ? " ඒක තමා අද දවසට එමා අහපු ගොන් ම පරශ්නය .

" ආදරේ කියන්නේ ඒකට නෙවෙයි එමා...මම ඔයාට කිවුවෙ දවසක්..ඒක ආත්මෙට දැනෙන්න ඕනි  ෆීලිං එකක්. අපිට අපි ලග ඉද්දි අපි අපේ කියල දැනෙන්න ඕනි. ඒක එක පුංචි සිද්දියක් නිසා හරි එක සැරේ ඇතිවුණු ආසාවක් නිසා හරි ගන්න හදිසි තීරනයක් නෙවේ....තව චුට්ටක් ඉන්න ..ඔයාට දැනෙයි  ඔයාට ඕනි කෙනා කවුද කියල. ...මම එක නවාතැනක් විතරයි වෙන්න ඇති...ජීවිතේ එක එක්ස්පීරියන්ස් එකක් විතරක් වෙන්න ඇති..." ලස්සන කියවගෙන කියවගෙන යද්දි එමාට කියන්න දෙයක් ිබුනෙ නෑ.

" බලමු ....මොකක්හරි වෙයි ...

ඇත්තටම එමාට දුකයි...එයා ට ලස්සන ලගදි හරිම  සනීපයක් දැනෙනව⁣ එයා කතා කරනවිදිය..හැසිරෙන විදිහ. ඒත් ආදර ගැන හිතද්දි එන පපුව පිච්චිලා යන ෆීලිං එක ලස්සන ගෙන් දැනෙනවද? මේකනම් මාර පිස්සුවක්.....

⁣එදත් ලස්සන රැයක්...

ඊලග දවසෙ එමා යි ලස්සන යි දෙන්නම නැගිටිද්දි  ගොඩක් පරක්කු වෙලා....ලස්සන වෙනද වගේම පුදුම …

Part 31

Image
දිනෙත් කිවුව හරි ...රෑ වෙනකොට ආදර කෝල් කලා.
" ඇයි එමා කෝල් කරන්නේවත් නැත්තෙ?"

" මට හිතෙන්නේ නෑ. "

"ඔයා මාව අතඇරලද?"

"ඔයා නෙ මාව අතඇරියෙ..."

"නෑ පිස්සු ...මම ජොලියට කරන ඒවා.."

"බෑ ආදර තවත් ඒව ඉවසන්න බෑ..ඔයා තීරනයක් ගන්න ...මාත් එක්ක ඉන්නවානම් වෙන කෙල්ලො එක්ක ඔහොම පරසිද්ධියේ නටන එක නවත්තන්නම වෙනවා..."

" අනේ මන්ද මම පිස්සෙක් එමා...අන්තිමට මම තනිවෙයි."

"ඔව්.. ඒකනෙ කිවුවෙ ...ඔයා කල්පනා කරන්න..."

" ඔයා වෙනස් වෙලා.. "

" ඔව් මම දැන් රෑට කොල්ලොන්ට නින්ද යනකං කතාන්දර කියනවා ...ඔයා රෑට මගෙ ලග නෑනෙ...වෙනදට අපි නින්දයනකන් කතා කරනවනෙ දුර හිටියත්...මට පාලුයි""

" කාටද කතාන්දර කිවුවෙ ? "

"අපෝ ඒක නම් ඔයාට කියන්නෙ නෑ"

" තොට පිස්සු ....අනේ මන්දන්නැහැ...." ඒකට මනුස්සයට තරහ ගියා. ...

" අනේ මම තියන්නම් ...මම ඔයාට ආයෙත් කියන්නේ ප්ලීස් තව ටිකක් කල්පනා කරන්න ආදර ..මම ඔයාට ආදරේයි...මට ඔයාව ඕනි... ඒත් මට ඕනි මට ආදරේ කරපු පරන ආදර ...."

" කාටද කතාන්දර කිවුවෙ කියන්නක…

Part 30

Image
"අනේ බබා.... මම ඔයාට වරදක් කලේ නෑ පන..මට සමාවෙන්න ." .........ලන්ච් ටයිම් එකේ දි⁣නෙත් කාටද හොදටම පින්සෙන්ඩු වෙනවා ....ඒක ඇහෙද්දි හිනා කාල පන යනවා.

" කාටද දිනෙත් ඔයා වැද වැටෙන්නෙ?" එමා දිනෙත් ලගින් වාඩි වුනා.

" නෑ ... මේ පොඩි කේස් එකක්.. කෙල්ලෙක් අඩනවා ...දුක කියනව⁣ ..මට බනිනවා..."

" ඒ මොකෝ?"

" මම ටික දවසක් පොඩි ලව් චැට් එකක් දැම්ම ...⁣ඉතිං මට ඇත්ත කියන්න බැරි නිසා මම හොද ලමයගෙ චරිතෙ කලේ....මේකිට අහුවෙලානෙ මම ඒකිගෙම යලෙුවෙක්ට ලයින් දාල...මුන් දෙන්නම දැන් මට එලාම් එක තියලා වගේ පැයෙන් පැයට බනිනවා..."

" පවු හලෝ.."

" පවු මොනවාද හලෝ..එකියක් බැදල..අනිකිට කොල්ලෙක් ඉන්නවා ....ංඋන් දෙන්න ම දුක කියාගෙන ආවේ...මම ඉතිං සැනසුව....පවුනෙ...අසරන ලමයි කියල ...මුන් දැන් මාව කන්න හදනවා ...එකියක් කියනව එමා ඒකිගෙ හස්බන්ඩ් මට වඩා දාහෙන් සම්පතයි ලු....ඒකි බලහල්ලකො ඉතිං ...මම හම්බෙනකන්ම හිටිය ඒක තේරැම් ගන්න ...ඒකි හරි නම් මට පිං දෙන්න ඕනි ඒ ටික තේරැම් කරල දුන්නට....මොන පවු ද එමා...උන් පවු නෑ..."

එහෙනම් වැන්දේ?

""එහෙම තමා තරහ කරගෙන …

Part 29

Image
B


එමාතීරණයක්ගත්තා... ආදර call කළොත්මිසක්එමාආදරටකෝල්කරන්නේනෑකියලා.... හවස්වෙනකන්මලස්සනගෙදරඉඳලාහෙටවැඩටයන්නතියෙනනිසාඑමාටගෙදරයන්නවුණා....
මෙතනින්එහාටමොකකින්මොකක්වෙයිදකියලාඑමාටනිකමටවත්බයහිතුණේනැත්තේනහයළඟටමවතුරපිරිලනිසාවෙන්නඇති...... කොහොමවුණත්එමාහිතාගත්තාමෙක dineth එක්කකතාකරනවාකියලා....
ජීවිතේසමහරතීරණගොඩක්හිතහිතගන්නබැහැ.... ඒකහරිහෝවැරදිහෝකියනවානෙමෙයි... ඒත්මිනිස්සුකියන්නේවැරදිකරනඅයටනේ... ඒනිසාසමහරඅවස්ථාවලදීමිනිස්සුහැඟීම්වලටවහල්වෙලාඒඒඅවස්ථාවටදැනෙනවිදිහටවැඩකරනවා..... සමහරවිටඑමාටවුණෙත්ඒවගේදෙයක්වෙන්නපුළුවන්.....
සමාජසම්මතයටඅනුවනම්එමාකළදේවැරදියිනේද..... එහෙත්