<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 14

Thursday, December 7, 2017

Part 14

එමාට ලොකු පාලුවක් දැනුනත් ඒ ගැන කතා කරන්න සුදුසුම කෙනා එමා ව මග ඇරියා. ආදර එමා ව මගඇරියමත් නෙවෙයි ඒත් වෙන මොකක් හරි දේකට ඇලිල හිටිය ...
අර ගර්ල් ඒ අතරෙ එමා ව accept කරල fb එකේ.
 එමා ට හිතුනා හායි කියල බලන්න .හිතල එමා message කලා.

"හායි.. කොහොමද ? Thanks accept  කලාට.ඔයා හිරැක අයියා ගෙ වයිෆ් නේද ? මට ආදර විස්තර කිවුව . ආදර මගේ boyfriend friend . "
මැසේජ් කරල ඉවරවුනාට පස්සේ එමාට හිතුන අපරාදෙ එහෙම කලේ කියල. එක්කො කමක් නෑ. ආදර ඒ තත්වෙට එයාව ඇදල දැම්මා කියල එමාට හිතුන. වෙනදට මොන යාලුවා මීට් උනත් facetime video call එකක් ඇරං මේ එමා මගෙ කෙල්ල කියල අදුරල දෙන ආදර , මේ සැරේ එහෙම නොකළ නිසා නෙ මේ  ඔක්කොම කියල එමා හිතුවා.

පැයක ට විතර පස්සේ check කරද්දි මැ⁣සේජ් එක seen වැටිලා ඒත් රිප්ලයි නැහැ . එමාට මාර අවුල් ගතියක් දැනුන .ශිට්......
හවස් වෙද්දී ඒ ගර්ල් අසේල යි , හිරැක  යි තව කොල්ලො ටිකකුයි කෙල්ලෙකුයි, එක්ක කොහෙද බීච් එකක් වගේ තැනක ෆෙටෝස් දාලා.
 විනාඩි ගානකට පස්සේ බලද්දී ආදර ඒකට අඩන බල්ලෙක් ගෙ comment එකක් දාලා...
ඒකට අර නල්ලමලේ කෙල්ල reply කරල "miss you "කියල...
එතනින් නැවතිලා නෑ ..
අනිත් කෙල්ල රිප්ලයි කරල " ඔයා ආවෙ නෑනෙ "කියල ..
ඊට පස්සේ ? ඊට පස්සේ අර ගුනමකු , පේඩියා ආදර,,, එමා ගෙ ආදරවන්තයා...අන්න ඌ දාල
 " මම අද බිසී නෙ ඉතිං 😢😢" කියල .
( දැන් අහන්න එපා පේඩියා කියන එකේ තේරැම..මටත් ඒක කවුද කියනව ඇහුන. පේඩියා කියන්නේ මනුස්සයෙක් හරි සතෙක් හරි වෙන්න ඇති.)

එමාට මාරම තරහක් ආව. කලින්  චූටි  ඉඩක් ලැබුනත් නිතරම එමා ට මැසේජ් , කෝල් කරන ආදර දැන් , එමා ඉන්නවද මලා ද බලන්නෙ නැතිව එක එක ගෑණුන් ට sad face දානවා. එමා ට පුදුම දුකක් දැනුන.

බහුශ්‍රැත අයට දැන් හිතෙනවා ඇති එමා fb එක පස්සේ ම පන්නන්නෙ ඇයි කියල. fb එක කියන්නේ ලයිෆ් එක නෙවේ කියල . ඒක ඇත්තටම ඇත්ත . එමා fb එකේ photos පස්සේයි comment පස්සේයි පැන්නුවේ නැත්නම් අද එමා මේ තරම් අවුල් වෙන්න නැහැ . හොයන්න හොයන්න තමන් වටේ තියන ලෝකය ලොකු වෙනවා. ලොකෙ ලොකු වෙන්න ලොකු වෙන්න පරශ්න වැඩි වෙනවා. ඒත් එමාට ඒකට වරදක් කියන්න බෑ. එයා හිතේ තියෙන දුක නිසාම මේ විදිහට හැසිරෙන්නෙ .

ලේසියට කලබල නොවෙන කෙ⁣නෙක් උනත් සමහර වෙලාවට කලබල වෙන්න පුළුවන් නෙ.
හිත කියන්නේ plan කරල වැඩ කරන කෙනෙකුත් නෙවෙයිනේ ...එක එක වෙලාවට වෙනස් වෙලා එක එක විකාර නටනව.

ඉතිං කියන දේ නාහන එමා ගෙ හිත හවස් වෙද්දී ආයෙත් හිරැක ගෙ වයිෆ් ගෙ fb චෙක් කරන්න එමා ට බල කලා. එමා කියන්නේ මට අයිති මගෙ imaginary චරිතයක් උනත් දැන් දැන් එයා වැඩ කරන්නෙ එයාට ඕනි විදයට.

 කොහොම හරි ඒ දැක්ක දෙයින් එමා මාරටම අවුල් ගියා. දන්නවද මොනවද ඒ ගර්ල් දාලා තිබ්බෙ කියල ?

" This is ... ..... ,, She is single ...she doesn't complain on facebook for being single . Be like ......''

කියල හිස් තැනට එයාගෙ නම එන විදිහ ට post එකක් දාල.

එමා ගෙ ඇගම රත් වුනා .එතකොට හිරැක අයියා ගෙ වයිෆ් single ද? මොකක්ද අප්ප ඒ නූල් බෝලෙ.
දැන් නම් එමා ට හොදටම sure මෙතන මොකක්හරි කවුද බෝයි සීන් එකක් යනව කියල .  මුලු රෑම කල්පනා කලා හොයාගන්න කරමයක්.

"දැන් නිදගන්න එමා...!!!
එක හීනෙන් එලි වෙන්නෙ නෑ..."
පාන්දර වෙද්දී මම එමා ට කිවුව . නැත්තන් මට නින්ද ගිහින් ඇහැරෙද්දිත් එමා කල්පනා කර කර ඇහැරිලා ඉදියි.





ඊලඟ දවසට එලි උනාම එමා මුලින්ම ආදර ට call කලා.
" පාන්දර ගෙදර ආවෙ රත්තරං "
ආදර උත්තර දුන්නා. " මහන්සි ද නිදාගත්ත ද? "
" ඔව්"
" අද මොකද කරන්නෙ? මට නම් මීටිං"
" දන්නැහැ රත්තරං ...හවසට කොහෙ හරි යයි. "
" මම දෙයක් අහන්නද තරහ ගනනෙ නැත්නම් ?"
" අහන්න "
" ඇයි මට බොරැ කිවුවෙ අර ගර්ල් හිරැක ගෙ වයිෆ් කියල ? "
"වයිෆ් තමා අනේ ඔයාට පිස්සු ද?" ආදර ඒ ටික කිවුවෙ හරියට මම වරදක් කරල වගේ . එයා බබා ...
"අනේ මට නම් පිස්සු නෑ. එයා දාල තිබ්බ fb එකේ එයා සිංගල් කියල . "
ඔයා එයාගෙ fb ඉන්නවද ? ඔයාටත් පිස්සු නෙ එක එක දේවල් හොයන්නෙ පාඩුවේ ඉන්නෙ නැතිව"
" ඉතිං ඇයි බොරැකියන්නෙ?"
මේ එමා...නටන්න ලෑස්ති වෙන්න එපා. ඉන්න පුළුවන් නම් ඉන්නවා ..මම තියනවා ." උත්තර දෙන්නත් කලින් ආදර phone එක කට් කලා.

ඒකත් මරැ නේද ? ගොඩක් කොල්ලොන්ගෙන් කරකවල පරශ්නයක්  ඇහවම උත්තර දෙන්න අමාරුයි නම් තරහ ඇරං ශේප් වෙනවා. ඒක ට නම් Asian,, European වෙනසක් නෑ.. ලෝකෙ ඉන්න ගොඩක් කොල්ලො පරශ්නයක් ඇනෙන බව දැනුනම එහෙම හැසිරෙනව.

එමා ට⁣ හෝ ගාල ඇඩුන. කොච්චර strong චරිතයක් උනත් එමා ගෑනියෙක් නිසා ගෑනුකම එලියට ආවා. ⁣කෙල්ලෙක් ට දුකක් දැනුනම කෙල්ලො කරන්නේ අඩන එක. කදුලු කියන්නේ කෙල්ලොන්ට වෙලාවකට antidepressant එකක්..වෙලාවකට weapon එකක්...සතුටටයි දුකටයි ඔක්කොටම එලියට පනින අමුතුම දෙයක්.....
ඒත් කොල්ලෙක් පරශ්නයක් උනාම හිතෙන් ලොකු කලුවර ගුහාවක් හදාගෙන ඒක ඇතුලෙ ගුලි වෙනවලු . එලියට ගන්න try කරන තරමට..පරශ්න අහන තරමටම එයා ඒ ගුහාව ඇතුලට තවත් රිංගනවලු කියල මම අහල තියෙනව .

කොහොම වුනත් එමාට මේ වෙලාවෙ ඒ ගැන අහන්න හිටිය හොදම...එකම කෙනා ලස්සන ..එමා ලස්සනට ගත්තා.

" මොකද එමා වෙලා තියෙන්නෙ? ඇය අඩන්නේ? "

"ඇයි ලස්සන ඔයාල ඔක්කොම මට බොරැ කරන්නෙ? "

" මොනවද බොරැ ?"

" අර ඇවිත් ඉන්න ගර්ල් හිරැක අයියා ගෙ වයිෆ් නෙවෙයි නේද? මට ඇත්ත කියන්න ..ඔයාල ඒ ගෑනි එක්ක party කල දවසෙ ඉදන් ආදර ගොඩක් වෙනස්. "

"එච්චර හිතන්න එපා එමා. ඔයා හිතන තරම් දෙයක් නෑ." "ලස්සන ප්ලීස් මට ඇත්ත කියන්න. ආදර වගේම මම ඔයාව ත් හැමදාම ගොඩක් විශ්වාස කළා. අාදර මට බොරුවක් කලත් ඔයා මට බොරුවක් කරයි කියලා මම කවදාවත් හිතන්නේ නෑ. ඒකයි මම ඔයාගෙන් අහන්නේ." "හරි හරි ඒමා. ඒ ගර්ල් ඉස්සර හිරු කගේ wife තමයි. දැන් එයාලා separate. එයාලා ඩිවෝස් වෙන්න යන්නේ. ඒ ගර්ල් ට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා." " ඒත් ලස්සන ගෙ ලොකු වෙනසක් තියෙනවා. ඉතිං බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවානම් කෝ ඒ බෝයි. ඇයි hiruka එක්ක එහෙ මෙහෙ යන්නේ."

 "එතන පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා."

 "මට නං හිතෙන්නෙම ආදර නැටුමක් නටන්න හදනවා කියලා ලස්සන. ඔයා දන්නවනේ ආදර ගෙ හැටි.."

 "ඉතින් එමා ඔයත් දන්නවනේ ආදර ගෙ හැටි. ඉතිං ඇයි කලබල වෙන්නේ. ආදර ඔයාට අදරෙයි."

 "ඒකට ද ආදරේ කියන්නේ ලස්සන?"

 " ඒක මම දන්නෙ නෑ...ආදරේ සාපේක්ෂයි. ඔයා ආදරේ කියන්නේ මොකටද කියල දන්නේ ඔයා. මම කියන්නේ කලබල වෙන්න එපා කියලා."

 ලස්සනට කතා කළාට පස්සෙ එමා ගෙ හිත ටිකක් සන්සුන් වුනා.

ඇත්ත තමා ආදරේ සාපේක්ෂයි. එක එක්කෙනා තමන්ට දැනෙන විදිහට ආදරේ විදිනවා. නිර්වචනය කරන්න හදනවා.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home