<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 13

Wednesday, December 6, 2017

Part 13

ඊලඟ දවසෙ එමා නුවර ගියා. ආදර show එකට යන්න තියෙන නිසා නිදාගන්න ඇති.

ඔයාලට දැන් ආදර ගැන පොඩි එපා වීමක් දැනිල ඇති.ලියන මටත් එහෙමයි . ආදර ගැන පොඩි තරහක් හිතට දැනෙනවා. ඒත් ආදර කියන්නේ නරක කොල්ලෙකුත් නෙවෙයි . පිස්සෙක්. ආදර එමා ට ආදරෙයි .ඒත් ආදර සෙල්ලකාරයි. ජීවි⁣තේ බර නොදැනෙන නිසාත් නෙ⁣වෙයි, ඒත් බර කිරන්න එයා ආස නෑ. බර වැඩි උනත් අඩු උනත් ජීවි⁣තේ කියන්නේ උසසගෙන බැරිනම් ඇදගෙන හරි යන්න වෙන දෙයක් නිසා කිර කිර බර බලන්න ඕනි නෑ කියලයි ආදර කියන්නේ . ඒකත් මාර තියරි එකක් නේද , බනින්නත් බෑ, හදන්නත් බෑ. එමා ආදර ව ගොඩක් දුරට තේරැම් අරං ඉන්නෙ. ඒ කියන්නේ එමා කියන්නේ ආදර කියන විදිහ ට ,ආදර ලගෙ භාශාවෙන්  " පට්ට කෙල්ලෙක් " ඇත්තටම මේක ලියන මටත් එයා "පට්ටම කෙල්ලෙක් "

නුවර ඉන්න දවස් ටිකේ එමා ට ගොඩක් ආදර ගැන හොයල බලන්න වෙලාවක් ලැබුණෙ නෑ. ආදර shows කීපයක් අතර හිරවෙලා හිටියෙ.

 ඒ වගේ වැඩ ගොඩක් තිබුන දවසක වැඩ ඉවරවෙලා හවසක එමා hotel room එකට ඇවිල්ලා යාලුවොත් එක්ක chat කරන්න ගත්තා.  එතකොට තමා julia කෝල් එකක් ගත්තේ. ජූලියා කියන්නේ ආදර.. ලස්සන... හැමෝම අඳුනන යාලුවෙක්.

 "කොහොමද?"

 "හොඳයි ඔහෙ ඉන්නවා kandy ආව. ..වැඩ ගොඩකට හිරවෙලා"

 "කෝ ආදර?"

 "එයත් shows වලට හිරවෙලා."

 "මේ ඔයා දන්නවද අර කුමාරි අක්කා. අර ලස්සන එක්ක නිතරම එක එක වැඩවලට එහෙම යන්නේ?" ජුලියා ඇහුවෙ නියම ඕපනායක voice එකෙන් .

 "ඔව් ඔව් අර ටිකක් වයසක එක්කෙනානේ . 40ක විතර?"

 "හරියටම හරි girl. ඔයා දන්නවද එයා ලස්සන ගේ පස්සෙන් යනවා කියලා ?"
හම්මෝ ඒක ඇහුවට පස්සේ මට මාර ජොලි....

 "ඉතිං එයා married නේද ?"

"ඔව්..ඔව් ..පොඩි කොල්ලෙක් බැදල ඉන්නෙ..ඒත් ලස්සන ට ආසයි . ලස්සන ට call කරනව ඉවරයක් නැතිව..ලස්සන ආන්ස්වර් කරන්නැහැ කියල මට කියනව call කරල කියන්න ලු ලස්සන ට ආන්ස්වර් කරන්න කියල. පිස්සු අනේ..."

"අනේ පවු අනේ අර අහිංසකය. ලස්සන ට කරදර කරන්න ආවොත් නම් මම එයා ව ඉතුරු කරන්නේ නෑ..."
විහිලුවට ව⁣ගේ කිවුවට මට ඇත්තටම හිත යටින් තරහක් ආවා.

"අහිංසකය?". ජුලිය ට හිනා

"ඔව් ඒ මගෙ අහිංසකය අනේ ...පවු අනේ.ලස්සනට කරදරයක් කළොත් නම් මම ඔය කුමාරිව ඉතුරු කරන්නෑ...."
 Ema ආයෙත් කිව්ව විදියට julia ආයෙත් හයියෙන් හිනාවුණා.

 "ඉන්නකෝ ඉන්නකෝ ඕකට නම් මම ලස්සන ව අල්ල ගන්නවා මෙයත් ඉතින් තනියම එන්න එකේ ගෑනු අවුස්සනවා ද දන්නෙ නෑනෙ." Ema ට චූටි ඉරිසියාවක් ආව.

 "ඒක කියන්නත් බෑ ලස්සන කොහොමත් cute නෙ කුමාරි අක්කා  පස්සෙන් එන්න නිසා නිකන් හම්බ වෙන දේනෙ කියලා හිතලා use කරල තියෙනවද දන්නෙත් නැහැනේ"

එකනම් අනිවාරෙන් ලස්සන ගෙන් අහනවා කියල එමා හිතුවා. ඒ නිසාම julia ෆෝන් එක තිබ්බ පමාවට එමා ලස්සන ගේ messenger check කළා. ඔය ඉන්නේ කොළපාටින් දිලිසි දිලිසි online active වෙලා.

 "ලස්සන ඇත්තද මේ මිනිස්සු කියන කතා 😡??"Ema ඒක එහෙම දැම්මේ  Angry face එකකුත් එක්ක.

 "මොකක් 🤕😥 ???" තත්පර ගාණක් යන්න කලින් එයා රිප්ලයි කරලා.

 "ඇත්තද කුමාරි අක්කා ඔයාට කරදර කරනවා කියන්නේ? "

 ඒකට රිප්ලයි එක ආවේ sad-face එකක් . ඒ කියන්නේ වැඩේ ඇත්ත.

" ඔයා එයාව අවුස්සන්න ඇති හිමිජ්ජා වගේ ඉඳගෙන 😡"

 "පිස්සුද එමා. ?මං එහෙම කළේ නෑ 😢" ආයෙත් sad-face එකක් එක්ක reply එකක් ආවා.

 "එහෙනම් කමක් නෑ. ඔයාට කුමාරි අක්කා කරදර කලොත් මට කියන්න හොදේ මම එයාව ඉතුරු කරන්නේ නෑ. " විහිළුවෙන් වගේ එමා දුන්නේ order එකක්.

Reply එකට " ලස්සන" smile එකක් එව්වා.
ආයිත් මොකටද වැනෙන්නෙ කියලා හිතලා එමා hearts තුනක්ම යැව්වා. ❤❤❤

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home