<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 12

Tuesday, December 5, 2017

Part 12



ඊලඟ දවසෙ ආයෙත් අසේල ල කට්ටිය උනවටුනෙ  දි ගත්තු photos ගොඩක් ආදර ව tag කරල දාලා තිබ්බ.එමා ට ලොකු වෙනසක් දැනුනා.
ගෑනුන්ට ඉව තියෙනව කියන්නේ තනිකරම ඇත්ත කතාවක්. ගෑනුන්ගෙ senses sharp වැඩියි. පිරිමි හැරෙන විදිහ ඇස්පිය ගහන විදිහ කතා කරන melody එකෙන් ගෑනියෙක් ට කියන්න පුළුවන් ගොනො හැරෙන්නෙ බඩගින්නට  පොල් පැලේ කන්න ද , එහා වත්තෙ කිරි නැතිව බැදල ඉන්න රත්තිට පැටියෙක් දෙන්නද කියල.

ආදර ඒ වෙලාවෙම එමා ට කෝල් කලා. ටෙලිපතිද කොහෙද එයාල එදා රෑත් උනවටුනෙ ඉන්නව කිව්වා .
" මමත් එන්නද උනවටුනට හෙට?" එමාට නිකමට වගේ ඇහුන.
"පිස්සුද අනේ.හෙට අපි කොලඹ එනවා. මට අනිද්දා show එකක් " ආ..මම ඔයාල ට කිවුවෙ නෑ ආදර කියන්නේ singer කෙනෙක්. ජොබ් එක මේ කතාවට අදාලම නැති නිසා කලින් කිවුවෙ නැත්තෙ.
" හරි අනේ ජොලියට ඇහුවෙ .මම හෙට ඉදන් දවස් 5 ක් kandy . "
" පිස්සු අනේ ඔයාට, බොරැවට එන්නද අහන්නෙ. මම තියන්නම් කට්ටිය ඉන්නවා . උම්මා, ආදරෙයි.."
"හා. ආදරෙයි ..උම්මා, ...."
එමා ඒවුනාට අර photos වලින් අර ගර්ල් ගෙ fb එක හොයාගෙන request එකක් දැම්මා.
ඇයි ඒක වැරදි ද? යාලුවෙක් ගෙ වයිෆ් ට request එකක් යවන එක වැරදි වැඩක් නෙවෙයි නෙ......කියල එමා කියයි කියල නේ ඔයාල හිතුවෙ. පිස්සු ද  පූසො බත් තියෙද්දි තණකොළ කන්න කියනව වගේ එමා මේක කලේ හිතේ
ඇතිවුණු කුහිල් ෆීලිං එකත් එක්ක පොඩි FBI ගේම් එකක් දෙන්නම තමා.
 .කලබල වෙන්න කලින් හොදට හොයල බලලා weapons පොලිශ් කරගෙන ඉන්න ඕනි කොයි දේටත් කියල  එමා හිතුවා.
එමා ට ලස්සන මතක් වුනා . ලස්සන මාර අහිංසක කොල්ලෙක් කියල හිතුනා. ලස්සන වගේ කොල්ලෙක් ලැබුන නම් සතුටින් ජීවත් වෙන්න තිබ්බ කියල හිතුවා. එහෙම හිතුනු නිසාම එහා ටේබල් එකේ හිටිය දිනෙත් ට පරශ්නය යොමු කරන්න හිතුවා. දිනෙත් කියන්නේ එමා ත් එක්ක වැඩ කරන promotion manager .උපත පැණි නැකතකින් නිසා free වෙන හැම වෙලාවකම කලේ fb එකේ කෙල්ලෙක් රවට්ටන එක. එයා බැදල බබාලා දෙන්නෙක් ඉන්නවා .වයිෆ් ට පන බය වුනත් කරන්නේම වයිෆ් ගෙන් ගුටි කන වැඩ.
" දිනෙත්, අහන්නකො, ආදර වගේ ලේසි යෙන් කෙල්ලො වැටෙන කොල්ලෙක් නැතිව , පාඩුවේ වැඩක් කරගෙන කෙල්ල ට ආදරෙන් ඉන්න කොල්ලෙක් යාලු කර ගත්තනම් ලේසි නේද හලෝ?"
" පිස්සු ද ඕයි , එහෙනම් ඔයාට ඌව ටික කාලෙකින් බෝරිං වෙයි. "
"ඇයි ඒ? "
" ඇයි හලෝ ඔයා දන්නැද්ද මිනිහ ගොඩක් හොද වුනාමත් ගෑනුන්ට එපා වෙනවා.  8-5 job එකක් කරල හවස ගෙදර ඇවිත් ගෑනි උයන දෙයක් කාලා ..ලයිට් එක off කරල කරැවලේ sex කරල, ආයිත් උදේ ගෑනි උයල දෙන බත් එකත් ඇරං වැඩට ගිහින් , නිකන් හිතනවකො අවුරුදු 5 -6 ක් ඔය ටික  ඔය පිලිවෙලට කරද්දී , අනිවාර්යයෙන් එපා වෙනව එමා . එපා වෙන්නේ ආදරේ නැතිව නෙවෙයි , බෝරිං නිසා වෙන රසයක් හොයනවා..."
"සීරියස්?"
"සීරියස් .... මම දන්න ගෑනු කොයි තරම් නම් ඉන්නවද එමා, උන්ගෙ හස්බන්ඩ්ල මාර එඩියුකේටඩ්..ඩොක්ටර්ස් ල professors ල ..ඔක්කොම සැප ලැබුනත් උන මොකක්ද අසහනේකින් ජීවත් වෙනවා. සමහරු උන්ට සෙක්ස් ඇරියස්...සමහරැන්ට ලව් ඇරියස්...මුලින් වැදගත් හොද රස්සාවක් තියෙන මිනිහෙක් බැන්දට ඒ වැදගත් කමම බොරිං වෙනවා..ඒකනෙ සමහර ගෑනු පිස්සො වගේ ඉන්න කොල්ලොන්ට මාර ලව් වෙන්නෙ...ඒ විවිධත්වය ට ගෑනු ආසයි ..."
" හම්මෝ...ඇත්ත ඒයි ඔයානම් මාරයි  දිනෙත් .."
" ඒකනෙ එමා කියන්නේ ඔයාල මට බැන්නට ගෑනි ට හොරෙන් fb එකේ කෙල්ලො අල්ලනව කියල , මම ඒ මගෙ දැනුම වැඩි කරගන්නවා. ඔයාල වගේ අය පරශ්නයක් අහද්දි උත්තර දෙන්න අපිට දැනුම ඕනා "
ඒකට නම් එමා ට හයියෙන් හිනා ගියා.
ඇත්තටම පිස්සෙක් උනත් දිනෙත් කිවුව කතාවෙ ඇත්තක් තියෙනවා.
එක දිගටම කෙනෙක් එක්ක එකම   විදිහට කාලයක් ජීවත් වෙනකොට ඇත්තටම එපා වෙනවත් ඇති ඒකට වරදක් කියන්නත් බෑ මිනිස්සු කියන්නේ වෙනස් වෙන්න මම ඉපදිලා ඉන්න සත්ව ජාතියක්නේ.  ඉතින් එහෙම එකේ හැමදාම එකම විදිහට ඉන්නකොට boring වෙනවා ඇති. පවුලක් උනහම නිතර නිතර වෙනස් දේවල් කරලා ජීවිතේ අලුත් කරගන්න ඕනේ. ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ලෝකය එකම ගම්මානයක් වෙලා තියෙන එකේ මිනිස්සු නිතරම අප්ඩේට් වෙනවා එතකොට මිනිස්සු එයාලට පේන අනිත් අයත් එක්ක තමන්ව compare කරගන්නව. එතකොට මිනිස්සුන්ට තමන්ගේ වටපිටාව ගැනත් තමන් ගැනත් අඩුපාඩු දැනෙනවා වැඩියි. ගොඩක් අයට වරදින්නේ එතන. මිනිස්සු social media wala පෙන්නන්නේ තමන්ගේ ජීවිතේ අනිත් අයට පෙන්නන්න ආස කොටස විතරයි. තෝරලා බේරලා පෙන්නන්නෙ. ඒ පෙන දෙයින් ඒ මිනිස්සුන්ගේ ජීවිත සර්වසම්පූර්ණයි කියලා විනිශ්චය කරන්න බැහැ. ඒ නිසා අනිත් අය එක්ක තමන්ගේ ලයිෆ් එක compare කරන එක හරිම මෝඩ වැඩක්.



0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home