<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 11

Monday, December 4, 2017

Part 11

ඉතිං ඔහොම දවස් දෙක තුනක් ගත වුනා ..ආදර එයගෛ යාලුවො එක්කයි එමා එයොගෙ වැඩ එක්කයි හිරවෙලා. ⁣phone ආන්ස්වර් කරන්නේ ම නැති වුන⁣ වෙලාවට එමා "ලස්සන"ට කතා කරලා ආදර ගෙ විස්තර ඇහුවා. කොයි වෙලාවට කතා කලත් ලස්සන phone ආන්ස්වර් කලා. එමා ට තිබ්බ එකම සහනය ඒක , ඒත් හැම වෙලාවෙම ලස්සන ට කරදර කරන්න බැරි නිසා එමා ඉවසගෙන හිටිය .
ආදර කතා කල එක වෙලාවක එයා යාළුවෙක් ගෙ song visual එකක් කරන තැනකට ගිහින් තිබ්බා. ඒ යාලුවා එතනදී ගත්තු photos වගයක්  ආදර එමාට එවුවා. මොන දේ වුනත් එමා ට ආදර දක්ක ගමන් හිතේ තියෙන දුක තරහ එහෙමම නැති වෙනවා.
" මට කිස් එකක් එවන්න" එමා fb message එකක් දැම්මා.
" උම්මා, උම්මා, උම්මා, ....." අනික් අතට රිප්ලයි එක ආව.
" හෙට එනවද මාව බලන්න ? ප්ලීස් " එමා මේතරම් දෙකට නැවෙන එකම පිරමියා ආදර
" හෙට බෑ රත්තරං .හෙට අපි කට්ටිය උනවටුනට යනවා. ලස්සන ගෙ යාලුවො කට්ටිය එක්ක ....හරි හරි මම යනව දැන් ...පස්සෙ message කරන්නම් .උම්මා..."

අදත් එහෙනම් ඉතිං ආදර අල්ලන්න හම්බෙන්නැහැ. එමාට හිතුනා.

ඊලඟ දවසෙ ආදර ල කට්ටිය උනවටුනෙ ගිහින්.
ඒ අතර එමා පාලුවට වගේ fb එකේ උඩ පහළ යද්දී තමයි අසේල දාලා තිබ්බ ෆොටෝ එකක් ආයිත් දැක්කෙ. ආදර යි තව යාලුවො හතරක් එක්ක කලින් ⁣photo එකේ දැක්ක කෙල්ල හිටියෙ.කවුද අප්ප ඒ?
ලොකු ලස්සනක් තිබ්බෙත් නැති නිසා හොයන්න කම්මැලියි වගේ.
දන්නවද කෙල්ලොන්ට වරදින තැනක් ඒක. කෙල්ලොන්ට යි කොල්ලොන්ටයි ලස්සන පේන්නෙ දෙවිදියකටලු. කෙල්ලො ලස්සනයි කියන කෙල්ලන්ව කොල්ලොන්ට කැතට පේනවලු. කොල්ලො ලස්සනයි කියන
කෙල්ලොන්ව , කෙල්ලොන්ට පේන්නෙ කැතට ලු. කොල්ලො වර්න අන්දයෝ ද කොහෙද, in details බලන්නෙම නැද්ද මන්දා.  තව කතොවක් අහල තියෙනව ඇත්තද මන්ද. ගෑනියෙක් ඇදුම් ගැලෙවුවට පස්සේ ගොඩක් කොල්ලොන්ට කැත ලස්සන පේන්නෙ නෑලු. ඒකත් මාරයි නේද ?එතකොට කවුද අප්ප ගෑනු න් ගෙ ලස්සන වර්නනා කරල ඔලුව අවුල් කරන්නෙ...film කාරයොයි පොත් ලියන අයයි ද? ගොඩක් films වලට ගන්නෙ බලලා බලලා ගන්න පුළුවන් ලස්සනම කෙල්ල..ඒත් හැබෑ ජීවිතේ 90% ට ම ඉන්නෙ සාමාන්‍ය කෙල්ලො. film කාරයොන්ට යි නවකතා කාරයොන්ටයි මොංගල් කියල හිතල ඒ ගැන හිතන එක අතඅරිමු.

Doha Airport 16.00





0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home