<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 15

Friday, December 8, 2017

Part 15



හවස් වෙන්න වෙන්න එමා ට වැඩියෙන් පාලු දැනුනත් එමා හිතුවා. ආදර ට කරදර කරන්නේ නෑ කියල . දැන් තරහින් ඉන්න එකේ තවත් පරශ්නයක් දාගන්න ඕනි නෑ කියල . ආදර ත් එමා ට call කලේ නෑ. ඉන්නම බැරි තැන එමා හොටෙල් එකේ pub එක පැත්තට ගියා දිනෙත් sure ඇත්තෙ එකේ මේ වෙලාවට කියල එමා හිතුවා. හිතුවා වගේම දිනෙත් එතන හිටියා.


 " අම්මෝ ඇති යන්තම් පහලට ආවා එමා මොනවද බොන්නේ."

" margarita එකක්"

 dineth ගිහින් margarita එකක් ඕඩර් කරලා ඒක අරගෙන ආයෙත් එමා ලඟට ආවා. 

"මොකද එමා අවුලෙන් වගේ"

 " එපා වෙලා තියෙන්නෙ හලෝ" එමා කෙටියෙන් කතාව දිනෙත් ට කිව්වා

 "අයියෝ ඕක සුලු දෙයක් නෙ. නටලා නටලා එන්න කියලා ඔයා පාඩුවේ ඉන්න කො."

 "එහෙම ඉන්නේ කොහොමද mata duka hithenawa මට ගොඩක් කෙයාරින් ඕන. ඔයා දන්නවනෙ dineth මම ආදර ගෙ ආසම උන දේ එයා මට දුන්න caring part එකට. ඉතිං මට තරහ යනවා."

 " අයියෝ එමා ඔයාට ඕකට කරන්න තියෙන හොඳම දේ, ඔයාට චුට්ටක් හරි ආස හිතෙන කොල්ලෙක් එක්ක පොඩ්ඩක් chat කරල ආදරව ටිකකට අමතක කරලා ඉන්න. ඔයා ගොඩක් පස්සෙන් යන්න ගියොත් හරියන්නේ නැහැ. පොඩ්ඩක් ජොලියට flirt කරන්න"


. " අම්මෝ ඔයා ඔහොම කිව්වට oyage wife එහෙම කළොත් ඔයා ඉවසනවද?"

 " ඔයා දන්නවනේ මගේ ගෑනි මාර සැරයි කියලා. දවල් තිස්සේ ට මම මොනව කළත් කාර් එකේ ඉඳලා ඔක්කොම ටික delete කරල දාල තමා ගේට්ටුවෙන් ඇතුළට යන්නේ."


" එයාට අහුවුනොත්?"

 "කතා දෙකක් නෑ එයා මාව දාලා යනවා ළමයි දෙන්නත් අරන්. එයාට එහෙම ගොඩක් ඉවසීම තිබුනට එකපාරට හදිසි තීරණ ගන්නවා."


    "කරන වැඩ වලට එහෙම නොවී බැහැනේ."

 "ඒක ඉතින් මන් දන්නවනේ ....මගේ වැරැද්ද කියලා. ඒකනේ ගෙදර යනකොට සුවච කීකරු ස්වාමියා වෙන්නේ. ගෙදර දී මගෙන් කෙරෙන්න ඕන යුතුකම් ටික මං කරනවා. මොනව කලත් මිනොලි මගේ number one. අපි එහෙමයි."

 "එතකොට ඔයාගෙ අනිත් අය?"


 "උන් මොක්කුද අනේ ? උන් මං නැත්තං වෙන එකෙක් එක්ක හරි යාලු වෙනවා. ඔයා හිතන්නේ උන් මට ආදරේට ලං වෙනවා කියලද.?......
. ....සමහර උන් ළංවෙන්නේ උන්ගේ මොඩ්ලින් වැඩවලට පරමෝෂන් events වලදී චාන්ස් එකක් ගන්න.
තව සමහර උන් ළං වෙන්නේ මං උන්ව හුරතල් කරල කතා කරන නිසා උන් ඒකට ආසයි.
..:...ඔයා හිතනවද බැඳලා පිළිවෙලක් වෙන්න ආස එකියක් මං වගේ ලමයි දෙන්නෙක් ඉන්න බැඳපු මිනිහෙකුට ලව් කරයි කියලා.
ඔයා තාම හරියට ලෝකෙ දැකලා නෑනේ එමා..
.. අනික උන් මගේ මොනව දැනගෙන ද මට ආදරේ කරන්නේ .? මං එක්ක ජීවත් වෙලා තියෙනවද ?නෑනේ.
 මාත් එක්ක ජිවිතේ ජීවත්වෙන්න fight කරල තියෙනවද. ?
උන් දන්නේ මගේ මතුපිටින් පේන දේ විතරයි. උන්ට මං කතා කරන ටිකෙයි ..හම්බුනහම ඉන්න ටිකේ පේන දේ විතරයි උන් දන්නේ...
         ඒ වගේ ද මිනොයි මායි අතර තියෙන සම්බන්ධය.
 අපි අවුරුදු ගාණක් තිස්සේ එකට ඉදලා උයල කාලා ළමයි හදලා ජීවත් වෙන්ඩ ෆයිට් එකක් දීලා අපි දෙන්නගෙ හුස්ම දාඩිය සුවඳ දැනගෙන මේ ගමන ඇවිත් තියෙන්නෙ.
....,,, ඔය අනිත් එකියෙකුටවත් මගේ හිතේ මිනෝ ඉන්න තැනට ළං වෙන්න බෑ. මම ආතල් එකක් ගන්නවා. ඒක වෙනම දෙයක්."


 "අම්මෝ මට නම් පිස්සු වගේ ඔයා කියන දේවල් අහලා."

 "ඒක තමයි ඇත්ත ඒමා  මිනිහෙක් වුණත් respect කරන්නේ respect එක ගන්න දන්න ගෑනියෙක් ට විතරයි.
         මං වගේ පිරිමියෙක්ට විනාඩි ගානකින් කියන්න පුළුවන් ගෑනියෙක් හොඳ කෙනෙක්ද ඒකිට මොනවද ඕනෙ ඒකෙ මොකාටද එන්නෙ කියලා.


"ඉතින් ඔයා ගැහැනුන්ටම බනින්නේ?"

    "බනින්නේ නෑ. උන්ගෙ අවුලකුත් නෑ. උන්ට ඕනේ දේ උන් කරනවා. උන්ට ඕනේ දේ අපි දෙනවා.
        අපිත් ඒකෙන් ආතල් එකක් ගන්නවා. එතනින් එහාට දෙයක් නෑ. මොකෝ අපි උන්ව කසාද බඳිනවා කියලා රවට්ටලා කර ගන්නෙ නැහැනෙ. එහෙම කළා නම් වැරදියි."

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home