<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 05 -07

Tuesday, November 28, 2017

Part 05 -07

ඉතිං ....
උදේ නැගිටිනකොට EMA , වීරය ට තුරුල් වෙලා හිටියට, Ema ට හොදටම මතකයි නින්දෙන් එයා " ලස්සන" ව තුරුල් කරගෙන හිටියා කියලා ,, එයාට හොඳටම මතකයි එයා ada නින්දෙන් ඇහැරෙනකොට එයා "ලස්සන" ගේ උණුහුම ආසාවෙන් විඳගෙන එයාට තුරුල් උන කියලා ....
නෑ , ඒක කිසිම නරක හඟීමක් නෙවෙයි , නින්දයි නොනින්දයි අතරේ දැනුණු ලස්සන හැඟිමක් විතරයි....

Ema වීරයා ට ආදරෙයි , එත් Ema ට "ලස්සන" ගැන මොකක්ද අමුතු දෙයක් දැනුණා ...
Ema ට තිබුණු එකම ප්‍රශ්නේ , එයා නැගිටිද්දී වීරයා  ව තුරුල් කරගෙන හිටියා මදිවට "ලස්සන" උදෙන්ම නැගිටලා ගෙදර ගිහින් තිබ්බා . එයාට ලැජ්ජා හිතිලද මන්දා ... අනේ එමා ට නම් ඒක බින්දුවක්වත් ලැජ්ජාවක් නෑ ,, එමා ට ඒක මාර ලස්සන සිද්දියක් ....
කාටවත් කියාගන්න බැරි එක ඊටත් wada ජොලි .. " ලස්සන" ගෙන් එහෙම දෙයක් උනාද කියල අහන්න බැරි එක ඒ ඔක්කොටෝමත් වඩා ජොලි .....

ඊට දවස් ගානකට පස්සේ එමා ට " ලස්සන" ව මීට් උනා ... කට්ටිය එහෙට මෙහෙට වෙනකන් ඉඳලා එමා "ලස්සන" ට කථා කලා ... එමා ට ලස්සන ගැන ආස හිතෙන එක පුදුමයක් නෙවෙයි.. එයාට වැඩිපුරම අස හිතුනේ බබෙක් වගේ කතා කරන විදියට...

Ema හැමදාමත් හිතුවේ කොල්ලෝ කියන්නේ රළු වෙන්න ඕනි ජාතියක් නෙවෙයි කියලා .... කොල්ලෝ ස්වභාවයෙන්ම ශක්තිවන්ත ශරීරයක් එක්ක , පොදු මතයකට අනුව ස්වභාවයෙන්ම රළු සත්තු ජාතියක් නිසා,, එමා ආස උණේ ee "ඉන්දියන් " මානසිකත්වයක් නැති පිරිමියෙක් ට...

දන්නවද "ඉන්දියන් මානසිකත්වය" කියන්නේ මොකක්ද කියල?
ඊ කියන්නේ කොල්ලෝ හරිම සම්ප්‍රදායිකව හිතනවා පිරිමි කියන්නේ උසස් ජාතියක් කියල, ගෑනු එයාලට රෙස්පෙක්ට් කරන්න ඕනි කියල.. අලි ඔලුවෙන් ඉන්න මෝඩයෝ ජාතියක් ඉන්දියන් පිරිමි...
එමා හිතන්නේ කොල්ලෙක් hot වෙන්නේ එයා සොෆ්ට් වෙන තරමට කියල..යුරෝපියන් පිරිමි ලඟ ඒ hot පිරිමිකම උතුරනවා...
.. ඉතින් එමා ට "ලස්සන" දකින, කතාකරන හැම මොහොතකම එයාගෙන් පේන්නේ ඒ hot පිරිමිකම ...

ආසයි නේ?

"ඉතිං ...?"
"ලස්සන" කතාව පටන් ගත්තා ...

" එදා රෑ වැරදිලා ලඟට ආවේ "

" ඉතින් හොදයි නේ " ලෝකේ ඉන්න handsome ම කොල්ලා ආවත් එමා දනගහන්නේ නෑ , ඉතිං "ලස්සන" ලෝකේ ඉන්න handsome ම කොල්ලත් නොවෙන එකේ, එයා ඉස්සරහ මොකට දෙකට නවෙනවද?

"sorry" එසැරේ නම් එයා හොදටම බබා වෙලා..

" හය්යෝ ඒක මම අමතක කලා , ඕක මොකක් ද " ( එත් ඇත්තටම අමතක උනේ නෑ 😄)
කතාකරන්න ලැබුනේ එච්චරයි.. අනිත් කට්ටිය ලඟට ආව..

හිත චුට්ටක් හිරිවටුනට Ema කවදාවත් කලබල වෙන කෙනෙක් නෙවෙයි... ගඟ එහාපැත්තෙ තණකොළ කොහොමත් වැඩියෙන් කොළ පාටයි කියල Ema hondatama දන්නවා. ඒ පැත්තට ගියාම මේ පැත්තේ තණකොළ කොළ පාටට පෙන බවත් Ema දන්නවා....

2 Comments:

At December 24, 2017 at 1:29 AM , Blogger Roshanthi kariyawasam said...

Like ur writting style akki...

 
At December 25, 2017 at 9:56 AM , Blogger Cinderelli2 said...

Thank you so much nango 😘❤❤

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home