<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: December 2017

Sunday, December 24, 2017

THE END

ඒ වෙලාවෙත් ලස්සන කිසිම දෙයක් නොකිය එමාව තුරැල් කරගෙන විතරක් හිටිය ....
එමා ට ඒ හොදටම ඇති... ඕනි උනෙ උතුරල යන ආදරයක් විතරයි .....ආදර ට මග ඇරැනෙත් ඒක විතරයි ...

.ඒත් හෙට අලුත් දවසක් .....

එමා ඇස්පියාගෙන වැහුනු ආදර ගෙ දොර දිහා එක සැරයක් හැරිල බලලා ඇරනු දොරෙන් ඇතුලට ගිහින් ලස්සන ගෙ ලෝකෙට තුරැලු වුනා...
ජීවි⁣තේ අමාරැවෙයි....සමහරවිට..ලස්සන වෙයි..

.....................................................
එමා ගෙ කතාව එච්චරයි........
කතාව imaginary උනාට කතාවෙ ඉන්න චූටි ම චරිතෙ ත් අදටත් ජීවත් වෙනවා. ඒ චරිත හැම එකක්ම real life එකේ ජීවත් වෙන චරිත ..
එමාගෙ කතාවෙ නම් දුන්නෙ ඔයලගෙ හිතේ නමකින් රැදෙන්න ඕනි චරිත ටිකට විතරයි ...  එයාල ඔයාලගෙ හිතේ  හැමදාම රැදුණුදෙන්....හිරැක අයියගෙ වයිෆ්....කෝටු කකුල් ගර්ල් කියන්නේ ආදර ගෙ ලෝකෙ නිකන්ම නිකන් ආවො ගියෝ චරිත විතරයි ...එයාලට නමක් ඕනි නෑ....


Part 34

හොදටම රෑ වෙද්දී  පපුව ⁣හීරෙනව වගේ දැනුනත් එමා හිත හයිය කරගත්තා...ලස්සන ලගදි දැනෙන මේ සැහැල්ලුව නැතිකරගන්න බය හිතුන...අද දව⁣සෙ ආදර පැත්තකින් තියල ජීවත් වුනු පැය ගාන පුදුම නිදහස් ....

ආදරගෙන් කොල් එකක් ආවෙ ඒ වෙලාවෙමයි..  

"එමා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....මම ජරා මිනිහෙක්..ඔයා පැත්තකින් තියාගෙන මම ගෑනු කීදෙනෙක් එක්ක ගියාද කියල මටවත් මතක නෑ....ඔයා දන්නෙ ටිකයි...මම පිස්සෙක්. ...මම වගේ ⁣කොල්ලෙක් මේ ලෝකෙ කිසිම ගෑනියෙක් ට ලැ⁣බෙන්න එපා....ඔයා වගේ රත්තරං කෙල්ලෙක් ලේසියෙන් කොල්ලෙක් ට ලැබෙන්නෙත් නෑ....ඔයා දැන් මොකා එක්ක ගියත් ඔයා ගොඩක් මම වෙනුවෙන් ඉවසුවා ...එමා මගෙ රත්තරං එමා....ඔයා සතුටින් ඉන්න ඕනි ..."

එමාට ඒ ටික ඇහෙද්දි ඉවසන්න බැරිවුණා ...කදුලු වැටෙද්දී  ඉකිගැහුනා....

" අනේ මගෙ රත්තරං ආදර ...ඔයාට වෙනස් වෙන්න බැරිද? ..මම ඉවසන්නම්...."ජීවිතේ මේ තරම් පපුව කඩාගෙන යන දුකක්....ඉවසන්න පුළුවන් ද?

" බෑ එමා එපා...ඉවසන්න එපා...මම හැදෙන එකක් නෑ...මේ දැන් මම ඉන්නෙත් අර බැල්ලි එක්ක ...මම මෙතනින් නවතින එකක් නැතිවෙයි....තව ගොඩක් කාලෙකට......ඔයා ඉවසන්න එපා...."

ආදර ෆොන් එක තියද්දි එමා ඇඩුවෙ නෑ..එමා හිතුවෙ එක දෙයයි...අදින් පස්සෙ පපුව ගලවල පැත්තකින් තියනව කියල....

සාලෙට යද්දි ලස්සන සෝෆ එකේ ඉන්නවා ...

" මොකද වුනේ එමා? "...ගල් පිලිමයක් වගේ හිටගෙන ඉන්න එමා දැක්කම ලස්සනට පුදුම හිතුන...වෙනද දැක්ක එමා ට වඩා පහනක වගේ ලා එලියක් එමාගෙ මූන තිබුන...

" ලස්සන මම හිත ගලවල පැත්තකින් තිබ්බා...දැන් මට පුදුම සනීපයි ..."

ලස්සන කතාකලේ නෑ...එමා කෙලින්ම ගිහින් ලස්සගෙ කකුල් දෙක් ඔලුව තියාගත්ත..

"ඔයා කිවුවනෙ ඔයා මට මහන්සි අරින්න හම්බුනු නවතෙැනක් විතරයි කියලා...මට හිතෙනව මට ජීවිතේ කියල දෙන්න ආව කෙනා ආදර කියල...මම දන්නැහැ ඔයත් මට ජීවිතේ කියල දෙන්න ආව කෙනෙක් විතරයිද කියල ..මට ඔයා ලග ඉන්න දෙන්න පුළුවන්නම් "
ලස්සන එමාගෙ ඔලුව අතගෑවා...එමා ලස්සනට තවත් ලං වුනා...

" අපි බලමු එමා ....ජීවිතේ අපිට මොනවද දෙන්නෙ කියල... මම ඔයාට ආදරෙයි...ඔයා මගෙ ලග නවතින්න.."

" පුළුවන් නම් මට එකම උදවුවක් කරන්න ලස්සන ....ප්ලීස් මාව තව කොල්ලෙක් ලග ඇදුම් ගලවන්න ඉඩ තියන්නෙ නැතිව තියාගන්න ....මට එච්චරක් ඇති...."



part 33

" මම කෙනෙක් හොයාගන්නව .."

" මම දන්න කෙනෙක් එපා.."

"ඒක මට පොරොන්දු වෙන්න බෑ ආදර ...හිතට දැනෙන කෙනෙක් ලංවුනොත් ඔයාගෙ යලෙුවෙක් ද නැද්ද අදාල නෑ...."

" හරි ...තෝ පලයං එහෙනම් ...."   ආදර තරහෙන් පිපිරැවා.

" මේ ආදර...මනුස්සයෙක් වගේ කතා කරන්න බැරි නම් මට කතා කරන්නත් එපා..."

" හරි හරි ...පලයං...ඉතිං"

" ඕකේ...බායි..."

ෆෝන් එක කට් කලාට පස්සේ එමාට ලොකු සැහැල්ලුවක් දැනුන ...ඇස් පියාගෙන හොදට හුස්මක් ගත්තට පස්සේ ඇස් අරිනකොට දැක්කෙ පුදුමෙන් වගේ බලන් ඉන්න ලස්සන ....එමා එයාව ගනන් ගත්තෙත් නෑ...

එතනින් එහාට මුලු දවස පුරාම එමා ට පුදුම සැහැල්ලුවක් දැනුන...ඔලුව උඩ තියන් හිටිය ලොකු බරක් බිමට දැම්මා වගේ්.අමාරැවෙන් ඇදල තියාගත්තු දෙයක් අතඇරිය වගේ සැහැල්ලුවක් දැනුන..

එමා ලස්සන ලගටවත් යන්නැතිව සෝෆා එක උඩ පදුම නිදහසකින් පොතක් කියෙවුවා. සිංදු කිවුවා....සදනි නංගිට කතා කරල පිස්සු කියවල හිනාවුනා...හම්මෝ......මේ තරම් සැහැල්ලුවක්.....අමාරැවෙන් අල්ලගෙන ඉන්න ඒව අතඇරියම දැනෙන සනීපයක් ....

ලස්සනත් එයාගෙ පුරැදු කල්කිරියාවෙන් එමාට බිංදුවක්වත් ඩිස්ටර්බ් කොකර එයාගෙ වැඩක් කරගෙන හිටිය ...කිසිම දෙයක් ඇහුවෙ නැහැ ...

එමා ට එකසැරේ කල්පනාවුනේ ලස්සන කිවුව ටික....එයා නවාතැනක් විතරයි වෙන්න ඇති කියල....ඇත්තටම ඒක ඇත්තද?

ඔව් ..අපි මේ ාලා්කෙට ඉපදිලා මොකක්දෝ දෙයක් හොයනවා ....අපි ජීවිතේ පුරාවට එක එක තැන නැවතිල ජීවිතේ ඉගෙනගනනව. ඊටපස්සෙ අපි ආයෙත් ඇවිදිනව...මොකක්ද හොයනව....ඉගෙනගන්නව....මේක නවතින්නෙ නැති ගමනක්......

සමහරවිට ඒ නවාතැන ආදර වෙන්න බැරිද? එමා හොයාගන ආවෙ ලස්සනව වෙන්න බැරිද? ආදර කියන්නේ එමාට ජීවිතේ කියලදීල ලස්සන ට බාර දෙන්න ආපු කෙනා වෙන්න බැරිද?  එමා මේ ඔක්කොම කල්පනා කලා....හිත පිච්චෙනව ...ආදර මතක් වෙද්දී ...ඒත් එමාට සැහැල්ලුවක් දැනුනා......මේක ලැබීම වෙන්න ඇති....සමහරවිට ආදර දොර වහන්න කලින් ලස්සන එමා ට දොර අරින්න ඇති....ස්වබාවදර්මයේ ප්ලෑන් එක එහෙම වෙන්න ඇති.....

දැන් එමාට තියෙන්නෙ වැහුනු දොර දිහා බලාගෙන හූල්ලන්නෙ නැතිව ඇරැනු දොරෙන් ඇතුලට යන්නයි.....

එමා හිත හදාගත්තා......





Part 32

" ඉතිං ඔයාට ලැබෙන දෙයක් නෑනෙ ලස්සන  .." එමා ට තාමත් හිත හදාගන්න බෑ..

" මට මොනව ලැබෙන්නද? මට මොකුත් ඕනි  නෑ"

" ඇයි ඔයා කියන්නේ නැත්තෙ ආදර අතඇරල ඔයාගෙ ලගට එන්න කියල ? " ඒක තමා අද දවසට එමා අහපු ගොන් ම පරශ්නය .

" ආදරේ කියන්නේ ඒකට නෙවෙයි එමා...මම ඔයාට කිවුවෙ දවසක්..ඒක ආත්මෙට දැනෙන්න ඕනි  ෆීලිං එකක්. අපිට අපි ලග ඉද්දි අපි අපේ කියල දැනෙන්න ඕනි. ඒක එක පුංචි සිද්දියක් නිසා හරි එක සැරේ ඇතිවුණු ආසාවක් නිසා හරි ගන්න හදිසි තීරනයක් නෙවේ....තව චුට්ටක් ඉන්න ..ඔයාට දැනෙයි  ඔයාට ඕනි කෙනා කවුද කියල. ...මම එක නවාතැනක් විතරයි වෙන්න ඇති...ජීවිතේ එක එක්ස්පීරියන්ස් එකක් විතරක් වෙන්න ඇති..." ලස්සන කියවගෙන කියවගෙන යද්දි එමාට කියන්න දෙයක් ිබුනෙ නෑ.

" බලමු ....මොකක්හරි වෙයි ...

ඇත්තටම එමාට දුකයි...එයා ට ලස්සන ලගදි හරිම  සනීපයක් දැනෙනව⁣ එයා කතා කරනවිදිය..හැසිරෙන විදිහ. ඒත් ආදර ගැන හිතද්දි එන පපුව පිච්චිලා යන ෆීලිං එක ලස්සන ගෙන් දැනෙනවද? මේකනම් මාර පිස්සුවක්.....

⁣එදත් ලස්සන රැයක්...

ඊලග දවසෙ එමා යි ලස්සන යි දෙන්නම නැගිටිද්දි  ගොඩක් පරක්කු වෙලා....ලස්සන වෙනද වගේම පුදුම calm. එමාට ඒ නිවිච්චකම දරාගන්න බැරි තරම්.....

ආදරගෙ කෝටු කකුල් කුමාරි ආයෙත් ෆොටෝස් දාල .....එමාට ඒකත් දරාගන්න බැහැ ....

දැන්නම් මටත් එමා වාතයක්... තීරනයක් ගන්න බැරි පිස්සු මගුලක්...මං ආසයි එමා ලස්සන එක්ක ජීවත් වෙනවට...කොයිතරම් එහෙම කතාව හරවන්න හැදුවත් ආදර මැදින් කඩන් පනිනවා...මේක එමාගෙ ලැබීමද නොලැබීම ද මට තේරෙන්නැහැ...

මොනව උනත් ෆොටෝ දැක්කම එමාට තරහ ගියා...ආදර නටන්න හදන්නේ ...එමා එක්ක ඒව බෑ...ඔයාට හොරෙන් මේ එමා ලොකු සෙල්ලමක් කලා...එමාට තරහ එක්කම සතුටක් දැනුන.... පලිගත්ත වගේ දැනුන...ලස්සන ඒකෙ ඉත්තෙක් උනු එක දුකක් උනත් ..ආදරට එකසැරයක් හරි වැරැද්දක් කල එක ගැන එමා ට සතුටුයි...ඒක තව පිස්සුවක්...

ෆෙටෝස් දැක්ක තරහයි...ලස්සන ලග හිටිය ගැම්මයි දෙකම හිතට ඇරං එමා ට හිතුන ආදර ව අතඅැරල දාන්න සදහටම....කෝල් එක ගන්න කලින් හිත හොදටම හයිය කරගත්තා.. ..

" හෙලෝ ආදර ....."

" කියන්න "

" මම ඔයාගෙ ෆෙටෝස් දැක්ක...තව ඉවසන්න බෑ...මට ඔයාව එපා ආදර  ...මේ ඇත්තමයි කියන්නේ ..මම නතර කරනවා...ඔයා ඕනි කෙනෙක් එක්ක යන්න.."

" ඔයාට පුළුවන් ද එහෙම කරන්න ලේසියෙන?" ආදර ඇහුවෙ පුදුම වෙලා වගේ....

"මට පුළුවන් ,,මම try කරනවා"

"මම ටික දවසකින් හැදෙයි"....

" බෑ...බෑ...ඒ ටික දවසවත් මට බලන් ඉන්න බෑ...දැන් ඇති" එමාට හිතාගන්න බෑ මේ තරම් හිත හයිය වුනේ කොහොමද කියල...

" ඔයාට කවුරු හරි ඉන්නවද?"

" මම කෙනෙක් හොයාගන්නව..."

" හරි ..ඔයාට ඉවසන්න බැරි නම් යන්න ...ඒත් මම දන්න කෙනෙක් එක්ක යාලුවෙන්න එපා. ...


Saturday, December 23, 2017

Part 31


දිනෙත් කිවුව හරි ...රෑ වෙනකොට ආදර කෝල් කලා.
" ඇයි එමා කෝල් කරන්නේවත් නැත්තෙ?"

" මට හිතෙන්නේ නෑ. "

"ඔයා මාව අතඇරලද?"

"ඔයා නෙ මාව අතඇරියෙ..."

"නෑ පිස්සු ...මම ජොලියට කරන ඒවා.."

"බෑ ආදර තවත් ඒව ඉවසන්න බෑ..ඔයා තීරනයක් ගන්න ...මාත් එක්ක ඉන්නවානම් වෙන කෙල්ලො එක්ක ඔහොම පරසිද්ධියේ නටන එක නවත්තන්නම වෙනවා..."

" අනේ මන්ද මම පිස්සෙක් එමා...අන්තිමට මම තනිවෙයි."

"ඔව්.. ඒකනෙ කිවුවෙ ...ඔයා කල්පනා කරන්න..."

" ඔයා වෙනස් වෙලා.. "

" ඔව් මම දැන් රෑට කොල්ලොන්ට නින්ද යනකං කතාන්දර කියනවා ...ඔයා රෑට මගෙ ලග නෑනෙ...වෙනදට අපි නින්දයනකන් කතා කරනවනෙ දුර හිටියත්...මට පාලුයි""

" කාටද කතාන්දර කිවුවෙ ? "

"අපෝ ඒක නම් ඔයාට කියන්නෙ නෑ"

" තොට පිස්සු ....අනේ මන්දන්නැහැ...." ඒකට මනුස්සයට තරහ ගියා. ...

" අනේ මම තියන්නම් ...මම ඔයාට ආයෙත් කියන්නේ ප්ලීස් තව ටිකක් කල්පනා කරන්න ආදර ..මම ඔයාට ආදරේයි...මට ඔයාව ඕනි... ඒත් මට ඕනි මට ආදරේ කරපු පරන ආදර ...."

" කාටද කතාන්දර කිවුවෙ කියන්නකො" එමා කියන ඒව ගැන ගානක් වත් නැතිව ආදර වෙන දෙයක් අහනවා...

" මං තියනව ...බායි..."

එමාට පුදුම දුකක් දැනුන.. මේ විදිහට ගියොත් මොකක් වෙයිද හිතාගන්න බෑ...එමා ට ඒ වෙලාවෙ ආදර ගැන පුදුම දුකක් දැනුනා...ඇයි මෙහෙම හැසිරෙන්න... මොනව උනත් එමාට ආදරගෙන් දැනෙන්නෙ පුදුම ආදරයක්...⁣ඒක ඇහෙන්නේ කනට නෙවෙයි ...මුලු ආත්මෙටම දැනෙන දෙයක්.....
මෙහෙම දුක් විදින්න නම් බෑ... දෙකෙන් එකක් වෙන්න ඕනි... එක්කො ආදර ව අතඇරලම දාල හිත හදාගන්න ඕනි...

තනියම මේක ඉවසන්නවත් විසදගන්නවත් බැරි නිසා එමා ලස්සනට කතා කරල එයාලගෙ ගෙදර එන්නද ඇහුවා..ලස්සන ඉතිං කොයි අමාරැවටත් බොන පැනඩෝල් වගේ...

එමා ගියපු ගමන් ලස්සන ගෙ කකුල් දෙකේ ඔලුව තියාගත්ත. සෝෆා එකේ මෙහෙම ඇලවෙලා ඉද්දි හරිම නිදහස් .

" මොකක්ද ලස්සන මේ වෙන්නෙ? "
එමා  ආදර කිවුව හැම දෙයක්ම ලස්සනට කිවුව .

" ආදර ඔයාට ආදරේ නැතිව නෙවේ එමා.  මටත් තේරෙන්නෙ නෑ මොකක් කියන්නද කියල. අනේ මන්දා. "

" මම මේකට ඔයාවත් ඇදල ගත්තනෙ.."

" ඔයා මගෙ ගැන worry වෙන්න එපා. මට ඔයාල දෙන්නම ඕනි එමා. ඔයා ආදර එක්ක සතුටින්  ඉන්නවනම් ඒක මට සතුටක්.  ඔයා දුකින් ඉන්නවට මම කැමති නැහැ....මම ඔයාට ආදරෙයි..  ඒත් ඔයාව අයිති මට නෙවෙයි නම් මට ඒක කමක් නැහැ ...අපි අතරෙ උනු දේවල් උනේ මොකක්ද ආදරයක් තියෙන නිසා...මම දන්නවා ඔයා එහෙම දකින දකින කොල්ලො එක්ක යන කෙනෙක් නෙවේ කියල එමා.
මට ඕනි ඔයා පරිස්සමින් ඉන්න. ඒකයි ඔයා පිස්සු නටද්දි මම තරහ ගන්නෙ . ""




Part 30

"අනේ බබා.... මම ඔයාට වරදක් කලේ නෑ පන..මට සමාවෙන්න ." .........ලන්ච් ටයිම් එකේ දි⁣නෙත් කාටද හොදටම පින්සෙන්ඩු වෙනවා ....ඒක ඇහෙද්දි හිනා කාල පන යනවා.

" කාටද දිනෙත් ඔයා වැද වැටෙන්නෙ?" එමා දිනෙත් ලගින් වාඩි වුනා.

" නෑ ... මේ පොඩි කේස් එකක්.. කෙල්ලෙක් අඩනවා ...දුක කියනව⁣ ..මට බනිනවා..."

" ඒ මොකෝ?"

" මම ටික දවසක් පොඩි ලව් චැට් එකක් දැම්ම ...⁣ඉතිං මට ඇත්ත කියන්න බැරි නිසා මම හොද ලමයගෙ චරිතෙ කලේ....මේකිට අහුවෙලානෙ මම ඒකිගෙම යලෙුවෙක්ට ලයින් දාල...මුන් දෙන්නම දැන් මට එලාම් එක තියලා වගේ පැයෙන් පැයට බනිනවා..."

" පවු හලෝ.."

" පවු මොනවාද හලෝ..එකියක් බැදල..අනිකිට කොල්ලෙක් ඉන්නවා ....ංඋන් දෙන්න ම දුක කියාගෙන ආවේ...මම ඉතිං සැනසුව....පවුනෙ...අසරන ලමයි කියල ...මුන් දැන් මාව කන්න හදනවා ...එකියක් කියනව එමා ඒකිගෙ හස්බන්ඩ් මට වඩා දාහෙන් සම්පතයි ලු....ඒකි බලහල්ලකො ඉතිං ...මම හම්බෙනකන්ම හිටිය ඒක තේරැම් ගන්න ...ඒකි හරි නම් මට පිං දෙන්න ඕනි ඒ ටික තේරැම් කරල දුන්නට....මොන පවු ද එමා...උන් පවු නෑ..."

එහෙනම් වැන්දේ?

""එහෙම තමා තරහ කරගෙන අයින් වෙන්න හොද නෑ... ඕකුන් මහ අමුතු ජාතියක්.....මගෙ ගෑනිට වුනත් කියන්න බැරි නෑ දෙන්නත් එක්ක එකතු වෙලා....ඒ නිසා කීකරුකමට ශේප් වෙන එක හොදයි ....". කියනව මදිවට හිනාත් වෙනවා...

" පිස්සු හලෝ ඔයා නම්.... අහන්නකො....මට ඔයාට කියන්න දෙයක් තියෙනව....හොදට අහගෙන ඉදලා ඔයාගෙ පිරිමි මොලෙන් උත්තරයක් දෙන්න......""

එමා සිද්ධ වුනු හැම දෙයක් ම දිනෙත් ට කිවුවා....
දිනෙත් ආදර ව හොදටම දන්නවා..ඒත් දිනෙත් උත්තරේ දෙන්නෙ එමා ගෙ පැත්තෙන් බලලා ...දිනෙත් ඉතිං එමා ගෙ යාලුවා නෙ....ලස්සනට එහෙම කෙලින් දෙයක් කියන්න බැරි එයා ආදර ගෙ යාලුවා නිසා නෙ... එයා දෙපැත්තම බලන්න ඕනිනෙ.

" එමා ...." දිනෙත් ෆුල් ම seriouse වුනා

" ඔයා මේ වෙලාවෙ ඔයා ගැන හොදටම හිතන්න ...ආදර කියන්නේ නරක ⁣කෙනෙක් නෙවෙයි ..ඒක එයා ⁣ගෙ ලයිෆ් ස්ටයිල් එක....ඔයාට ඒක පිලිගන්න බැරි නම් එයා එක්ක ඉන්න එක මාර දුකක් වෙයි ...වයසත් එක්ක එය⁣ෙ වෙනස්වෙයි සමහර විට..ඒත් ඔයා දුක් විදින්නෙ ඇයි?

එයා දැන් හදන්නෙ ඔයාව පැත්තකින් තියාගෙන එයාට ඕනි විදියට ජීවත් වෙන්න ....එයා ට ඔයාව නැතිකරගන්න ඕනි නෑ එක සැරේ...එයා ඒකට බයයි හෝ එයත් නොදැනම ඔයාට ආදරේ ඇති එමා.... ඒකනෙ ඔයා කෝල් ගන්නකන් එයා ට අවුලක් නෑ එයා දන්නවා ඔයා track එකේ ඉන්නවා කියල ඒනිසාම answer කරන්න උවමනාවක් නෑ...ඒත් ඔයා කෝල් නොකර ඉදිදි තමයි මනුස්සයා අව්ල් වෙන්නෙ...කල්පනාකරන්නෙ ....ඔයාව මිස් වෙන්නෙ....

එමා වෙන කෙනෙක් ට නම් මම මේව නොමිලේ කියන්නේ නෑ ඒත් ඔයා ට නිසා ඩිස්කවුන්ට් එකක් දෙන්නම් ..."

"හරි හරි කයන්නකො"...

" ඉතිං මේ වෙලවෛ ඔයා මොලේ කල්පනා කරන්න එමා ....ඔයාට ආදර නැති වුනත් ඔයා හිත හයිය කරගන්න ....දුක් වෙන්න දෙයක් නෑ....ඔයා ආදරේ කලේ ඔයාට ගොඩක් ආදරේ දෙන රෙස්පෙක්ට් කරන ආදර ට..ඒත් දැන් ඒ ආදරේ..රෙසපෙක්ට් ලරබෙන්නෙ නැත්තන් වාත වෙවී රන්ඩු කර කර අඩ අඩ පස්සෙන් යන එක වැඩක් නෑ...
ඒ නිසා 50-50 චාන්ස් එකක් ඇරගෙන ඔයා කියන්න ඔයා. බලාපොරොත්තු වුනු දේ මොකක්ද කියලා... ඒක ලැබෙන්නේ නැත්තන් ඔයා අයින් වෙනවා කියල ... හැදෙනවනම්  හැදෙයි...හැදුනෙ නැතත් ඔයා අවුල්වෙන්න එපා..එහෙම කෙනෙක් ගෙන් ඔයාට ලැබෙන දෙයක් නෑ නෙ...
එයා දැන් ඒ කරන දෙ බයානකයි...ඔයාට කිය කිය කරන ව කියන්නේ හෙන අවුල්..අපිත් කරන ව තමා ඒත් ගෑනි ගෙ රෙස්පෙක්ට් එක නැති කරන්නෙ නෑ. එමා....."

ඇත්තටම දිනෙත් කිවුවෙ ඇත්ත ...එමා හිත හයිය කරගත්තා...මොකක්හරි වුනොත්  ඇත්තටම 50-50 chance එකක් ගන්න හිතා ගත්තා...

""" ජීවිතේ කිසිම දෙයක් මල්ටිබෙොන්ඩ් ගාල අලවල තියාගන්න හදන්න එපා ...තාම ඔයා කසාද බැදල ලමයි හදල නෑ...දැන් ඔයා ඒකට සුදුසු කෙනෙක් හොයාගන්න කාලෙ...ඒනිසා දැන් වෙනස් වීම ට ඔලුව නමල ඉඩ දෙන්න...මොකද බැදල ..ලමයි ඉන්න දවසක ඔයාට ඒ තරම් ලේසියෙන් තීරන ගන්න බෑ....ජීවිත දෙක තුනක වගකීම එතකොට ඔයාට තියෙන ව. එතකොට ඉවසන්න වෙනවා ඔයාට ...ඒ නිසා දැන් තමා අවුල් ලිහාගන්න තියෙන කාලෙ..."""

දිනෙත් අන්තිම ට කිවුව ටික නම් කුඩා මොලේටම දැනුන...




Thursday, December 21, 2017

Part 29

B


එමා තීරණයක් ගත්තා... ආදර call කළොත් මිසක් එමා ආදරට කෝල් කරන්නේ නෑ කියලා.... හවස් වෙනකන්ම ලස්සන ගෙදර ඉඳලා හෙට වැඩට යන්න තියෙන නිසා එමාට ගෙදර යන්න වුණා....

 මෙතනින් එහාට මොකකින් මොකක් වෙයිද කියලා එමාට නිකමට වත් බය හිතුණේ නැත්තේ නහය ළඟටම වතුර පිරිල නිසා වෙන්න ඇති...... කොහොම වුණත් එමා හිතාගත්තා මෙක dineth එක්ක කතා කරනවා කියලා....

 ජීවිතේ සමහර තීරණ ගොඩක් හිත හිත ගන්න බැහැ.... ඒක හරි හෝ වැරදි හෝ කියනවා නෙමෙයි... ඒත් මිනිස්සු කියන්නේ වැරදි කරන අයට නේ... නිසා සමහර අවස්ථාවලදී මිනිස්සු හැඟීම් වලට වහල් වෙලා අවස්ථාවට දැනෙන විදිහට වැඩ කරනවා..... සමහරවිට එමාට වුණෙත් වගේ දෙයක් වෙන්න පුළුවන්.....

 සමාජ සම්මතයට අනුව නම් එමා කළ දේ වැරදියි නේද..... එහෙත් සමාජ අසම්මත දේවල් කොයිතරම් නම් මේ ලෝකේ වෙනවද..... හරිදේ වැරදිදේ කියන්නේ කලුයි සුදුයි වගේ වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි .... ඒක හරියට අලුපාට හැදුනේ කළු පාටට සුදු පාට එකතු කරලද සුදු පාට කළු පාට එකතු කරලද කියල කියන්න බෑ වගේ.... සාපේක්ෂයි......

 රෑ එමා ලස්සනට කොල් එකක් ගත්තා...

 ""ඔයා හරි පුදුමයි ලස්සන..... මේ තරම් දෙයක් වෙලා තියෙද්දිත් ඔයා ගැන නිකමට වත් කතා කරන්නෙ නෑ ඔයාට එක වාසියක් අවාසියක් කියලවත් අඩු තරමේ ඔයා හිතන්නේ නැද්ද....""

 ""අනවශ්‍ය දේවල් හිතලා හිත අවුල් කරගන්න ඕනි නෑනෙ එමා.... හැමදේම වෙන්නෙ සිද්ධ වෙන්න ඕනි විදිහට..... කාලය හැම දෙයක්ම හරිම විදිහට විසඳයි.....""

 ""ඔයා මට ආදරෙයිද ?""
අහන්න සුදුසු නැති ප්‍රශ්නයක් වුණත් එම ඒක ඇහුවා

 ""ආදරෙයි....""

 ""එහෙනම් ඔයා ගැන අහන්නෙ නැත්තෙ....""

 ""එහෙම අහන්න අයිතියක් මට නැහැ එමා.... ඒක අයිති ඔයාට.....""

 ""මම කළේ වරදක් නේද?""

 ""අපෝ නැහැ ඒක වරදක් වෙන්න විදිහක් නෑ..... ගොඩක් හිතන්න එපා එමා... මේ වෙලාවෙ ඔයා සතුටින් ඉන්න එකයි වැදගත්..... කාලයට ඉඩ දෙන්න..... එක හීනන් එලි වෙන්නෙ නැහැ....""

 ""තෑන්ක්ස් ලස්සන..... ඔයා මේ වෙලාවේ මට මාර හයියක්.........ඔයා ඇදට ඇවිත් ඉන්නේ .... කතාවක් කියන්නද නින්ද යනකන්?""

 ""අනේ කියන්නකො.... ඔයාගේ කතා හරි ලස්සනයි..... හොඳට නින්ද යනවා......... ""...ඒකට නම් ලස්සනට හයියෙන් හිනා ගියා

 @"අපෝ නපුරා.... එහෙනම් කියන්නේ නෑ.....""

 ""අනේ කියන්නකො....""

""ම්ම්ම්....""
එමා කතාවක් කිවුවා...අද කිවුවෙ නරියායි මිදි යි ගැන...

රෑ හරිම ලස්සනයි...ආදර මොනවා කරනවද දන්නැහැ...නිදි ඇතිද? ....

  


Wednesday, December 20, 2017

Part 28


ඊළඟ දවසේ උදේ පාන්දර එමා නැගිටුනේ ෆෝන් එක රිං වෙන සද්දෙට..... එතකොට ලස්සන නිදි කුමාරයා වගේ සැපට නිදි.....
 කාගෙන්ද කෝල් එක කියල හිතාගන්න පුළුවන්ද... ආදර ගෙන්......
surprise කිව්වලු......

" ඊයේ රෑ නිකමටවත් කෝල් එකක් දුන්නෙ නෑ නේද?"

 චුට්ටක් ඔහොම ඉන්න මේ හීනයක් ද ?එමා හොදට ඇස් දෙක පිහිදැම්මා

 "ඔහොම ඉන්න ආදර පොඩ්ඩක් මං මූණට වතුර ටිකක් දාගන්න මේක ඇත්තක්ද හීනයක්ද?"


 "අනේ විහිළුවක් නෙමෙයි කෝල් එකක්වත් දීලා තිබුණේ නැහැනේ"

" ඉතින් ඊට කලින් මම එක දිගට calls සීයක් දෙසීයක් දෙද්දී ඔයා නිකමට වත් ආන්සර් කළා ද...... ?...අනේ නිකන් යන්න ආදර යන්න....... කෝ ඔයාගේ කෝටු කකුල් ප්‍රියම්බිකා"

 "හරි හරි ඒවගෙන් වැඩක් නෑනෙ....ඔහොම කරගෙන යන්න කො එහෙනම්."
 ඒ පාර කට් කළා.....

 අනේ පිස්සෙක්......... එමා තනියම හිතුවා.......

 මොනව උනත් එමාට කටහඬ ඇහෙද්දි පිස්සු වගේ. ඒත් මොනා කරන්න ද? ආයෙත් කෝල් කරන්න ගියොත් ආදර පරන ලොකු සීන් ටිකම දාන බව විශ්වාස නිසා එමා හිත හයිය කරගත්තා.

එමා තේ එකකුත් හදලා එකක් ලොකු ගෙ රෑම් එකෙන් තියලා අනිත් එක ඇරං ලස්සන ලගට එද්දී කවුද කෙනෙක් එමාට රිං කරනවා...

" හෙලෝ...."

" මේ හලෝ මම ආදර ගෙ girl friend කතා කරන්නේ ඔයා එමා නේද? " මොකක් ?
මෙ අර නල්ලමලේ  කොටු කකුල් කුමාරි ද?

" මොකා? ආදරගෙ girl friend කිවුව ? හප්පා දැං පිස්සො බෙහෙත් ගන්නෙ ⁣ ෆෝන් එකෙන් ද? කවුද ඔයා ? ආදරගෙ කොයි කෙල්ල ද?"

" අනේ මේ එමා ඔයා බබා නෙ... මම.. ..""
 කෙල්ල එයාගෙ නම කිවුව ....මගෙ සද්දෙට ලස්සන ඇහැරිල මොංගල් වෙලා වගේ බලන් ඉන්නවා ..

" හප්පා ..මේ නල්ලමලේ ඔයා ද? ඉතිං ඇයි මට ගත්තේ....ඔයාගෙ ආදර අද ඔයාලගෙ ගෙදර නේද? "

" ඔව්...මම ආස නෑ එයා ඔයාට කෝල් කරනවට.ඒකයි මම ගත්තෙ එයා වොශ් රෑම් යනකන් ඉදල. එයා මට ආදරෙයි...මාත් එයාට ආදරේ යි. ප්ලීස්  අපිට කරදර කරන්න එපා" ⁣
බටේ කැඩුන ටැප් එක වගේ එයා එක දිගට කියාගෙන යනවා.

" ඇත්ත ද ? දවස් දෙක තුනට සෑහෙන්න අදෙරේ කරල වගේ....යනව හලෝ යන්න " එමා තරහ වැඩිකමටම කටි කලා.කලා...

ඇස් වලින් කදුලු වැටුනෙ තරහ වැඩි කමටමයි..ශිට්..ආදර ඔයා නිසා එක එක ගොං ගෑනුන්ගෙ පාර්ටි බලන්න වුනානෙ මට...
 ලස්සන මොකුත් ම අහන්නෙ නැතිව  මූන හොද⁣ගෙන ඇවිත්  එමා ට තේ එක දුන්නා.
එමා කදුලු පිටින්ම ලස්සන ගෙ පපුවට තුරැල් වෙලා තරහ නිවාගත්තා.......



part 27

ඊලග දවසෙ පෑයුවේ ලස්සන ඉරක්.....එමා මුලු රෑම ඇති තරම් ලස්සන ගෙ තුරැලෙ මහන්සි ඇරියා.....එදා වගේම අදත් ලස්සන ඒ ගැන වචනයක් වත් කතා කලේ නැතිවුණා ට එමාට තේ පොවල ...කවල ....ගොඩක් වෙලා ඔලුව අතගගා හිටියා....
ආදර ව හැම වෙලාවෙම හිතට ආවත් විනාඩියෙන් ඒ දුකෙන් මිදෙන්න එමා ට ශක්තියක් ආව...

එක අතකට දිනෙත් කිවුවෙ ඇත්ත....අඩ අඩා පස්සෙන් යනවට වඩා තාවකාලිකව දුක අමතක වෙන දෙයක් කරන්න කියල...මම තව දෙයක් කිවුවෙ මතකයි ද? දුක හිතුනම ඊලඟ ට සතුට එන බව තේරැම් අරන් දුක ෆෝකස් නොකර ඉන්න කියල ...
පුළුවන් නම් මේ දේවල් කරල බලන්න ....ජීවිතේ දුකින් අපතෙ යන එක විනාඩියත් අපරාදෙ .....

එදා සෙනසුරාදා දවසක් නිසා එමාට වැඩට යන්න ඕනිත් නෑ....ලොකූ තනියම දවල්ට ත් කෑම උයලා.....ලස්සන එමා ලගිනම සෝෆා එකේ වාඩි වෙලා ලැප්ටොප් එකෙන් එයාගෙ වැඩ කලා....ඒ ගමන් එයා ප්ලේ කල ලස්සනම ලස්සන සිංදු අහගෙන එමා පාඩුවේ ඇතිතරම් රෙස්ට් කලා......
හොදටම උන හැදිල දවස් දෙක තුනක් නිදගන්නත් බැරිව බෙහෙත් බිවුවට පස්සේ ඒ දෙන බෙහෙත් වලට එක දිගට නින්ද යන්නේ...එතකොට ඇගට දැනෙන සනීපය මතකද? අන්න ඒ වගේ සනීපයක් එමා වින්දා....

ලස්සන කිසිම දෙයක් අහන්නෙ නැතිව කරන්න ඕනි දේ විතරක් ම කරන එක එමා ට පුදුම නිදහසක් දැනුනා...නැත්නම් ආයෙත් ආයෙත් වුනු දේවල් අවුස්සල අනාගතේ ප්ලෑන් කරන්න එහෙම හැදුවානම් එමා ට අද දවස එපාම කරපු දවසක් වෙන්න තිබ්බ ....ලස්සන ගෙ ඒ ගතිගුන වලට එමාට ලොකු ගවුරවයක් දැනුනා....

එදා රෑත් එමා ඒ විදිහටම ලස්සන ගෙ ගෙදර ගත කලා....එමා ලස්සන ට කතන්දර  තුනක්ම කිවුව  නින්ද යනකන්.......එකක් යාලුවො දෙන්නගෙයි වලහගෙයි කතාව ,,තව එකක් කොහොල්ල බබාගෙ කතාව...අනික කපුටගෙයි කේක් කෑල්ලෙයි කතාව ....ලස්සන ඒ කතා තුනම කවදාවත් අහල නෑ වගේ අහගෙන හිටිය⁣ෙ...

ආදරට එක කෝල් එකක්වත් ගත්තෙ නෑ.... ආදරත් නිකමටවත් රිං කරල එමා ගැන හොයල බැලුවේ නැහැ ....

සමහර විට ආදර too confident ඇති...එයා හිතන්න නැතිව ඇති එමා කවදාවත් මෙහෙම කරයි කියලා...එයා හිතන්න ඇති එයාගෙ කලින් අය වගේ මාස ගනන් අඩ අඩා පස්සෙන් යයි කියල....මොනව කරන්නද ආදර මේ එමා වෙනස්....හැම ගහටම කොට කොට ගිය කොට්ටෝරුවා ගෙත් හොට කෙසෙල් ගහට කොටපු දවසෙ පටලගත්තලුනෙ....සමහරවිට එමා වෙන්න ඇති ඒ කෙසෙල් ගහ...

Tuesday, December 19, 2017

Part 26

රෑ දෙකක් අමාරැවෙන් ගත වුනා. ඒ දවස් දෙකටම එමා නිදාගත්තෙ පැය දෙකක විතර. ආදර කෝල්ස් 20-30 ක් ගත්තම එකක් ආන්ස්වර් කලා...ඒ අතරෙ drumstick කෙල්ල ඔයක් ලග නාන්න ගිහින් ආදර ල කට්ටිය එක්ක ආදර hug කරගෙන ෆොටෝ එකක් ඇරං Instagram දාලා

.. බලං ගියාම මෙයාල ඔක්කොම instant noodles වගේ....මාර fast. හැම දේටම විනාඩි 2-3 යි.love කරන්නෙත් instant විදිහට. ඒ තරම්ම ඉක්මනින් අතඇරලත් දානවා.

මම කිවුවෙ එමා එක දිගට නිදාගත්තෙ නෑ කියල හරියට ...දෙවෙනි දවසෙ වැඩ ඇරිල එන ගමන් එමා ට " පාන්" කියාගන්න පන නෑ...( පාන් කියාගන්න බැරි නිසා එමා ⁣pastry shop එකෙන් කට්ලට් කියල කට්ලට් එකක් කාල මයිලෝ එකක් බිවුවා.)

කොහොම වුනත් එමා ට ගෙදර යන්න බෑම හිතුනා. කල්පනා කරන අතරෙදි තමා ලස්සන ගෙන් කෝල් එක් ආවෙ. "

"අනේ මට ගෙදර යන්න බෑ ලස්සන ...පිස්සු වගේ..මම නිදාගෙනත් නෑ දවස් දෙකක් හරියට ." "

""ඔයා මෙහෙ එන්න . ලොකු ඉන්නවා . අපි ටිකක් කතා කරමු...ඔයාගෙ හිත නිදහස් වෙයි." "

එමා දෙපාරක් නොහිතා ලස්සන ගෙ ගෙදර යන්න තීරනය කලා.මොනව වුනත් මේ දේවල් open ම කතා කරන්න පුළුවන් කෙනා ලස්සන . එයා ආදර යි.එමා යි...දෙන්න ගැනම හොදටම දන්න නිසා දෙන්න ගැනම වැරැද්දක් නොහිතන බව එමාට විශ්වාසයි....

එමා යනකොට ලොකු යි ලස්සනයි දෙන්න උයනවා. ලොකු කියන්නේ ආදරලගෙ සෙට් එකේ ඉන්න අහිංසකම කොල්ලා.

එමා ට ලස්සනගෙ ගෙදර අමුතු තනක් නෙවේ. ආදර එක්ක යාලුවො එක්ක ඇති තරම් දවස් ගෙවල තියෙනවා.එමා වොශ් එකක් ඇරගෙන ඇදගත්තෙත් ලොකු ගෙ ශෝට් එකයි t-shirt එකකුයි.

එමා ට ඉවසන්න බැරි තරම් මහන්සියි. නිදාගත්තෙ නැති එක ඊටත් වඩා අමාරුයි .

තේ එක බොන ගමන් ⁣එමා සොෆා එකේ හාන්සි උනා.

""ඔයාට මහන්සි පාටයි ගොඩක්. ටිකක් නිදාගන්න " "

""අනේ මට නින්ද යන්නෙ නෑ ලස්සන . ආදර ඔයාට කතා කලා ද?" "

""ඔයා දන්නවනෙ එමා කතා කලත් ඒ හැම විස්තරයක්ම ගෑනු ලමයි වගේ අපි කතා කරන්නේ නෑනෙ." "

""මට මෙහෙම දුක් වෙවී ඉදල පුරැදු නෑ. ආදර ට කොයිතරම් ආදරේ උනත් මෙහෙම පිස්සු නටද්දි මට අමාරැයි. මේ ජීවත්වෙන්නෙ එමා නෙවෙයි ලස්සන ...එමා කියන්නෙ පන ඇරල වුනත් ආදරේ කරන අල්ලන්නේ නැත්තම් මුනටම දමල ගහන සැහැල්ලු කෙල්ලෙක් .මේ දැන් ඉන්නෙ මම නෙවේ...කලින් හිටිය එමා නෙවේ....මම ආස ඇති තරම් ආදරේ කරන්න...දැන් මට වෙලා තියෙන්නෙ හූල්ලන්න..."

එමා තේ එක පැත්තකින් තියලා ඇති තරම් ඇඩුවා. ...කලුවර වැටිල...⁣ඒත ඇස් දෙක ඉදිමිලා රතුවෙනකන් ඇඩුව. ඉකි ගහල ඇඩුවා....

ලොකූ එයාගෙ කාමරෙන් එලියටවත් ආවෙ නැත්තෙත්,,, ලස්සන එක දිගටම ෆෝන් එක ඔබ ඔබ හිටයෙත් මේ වෙලාවෙ එමාව නලවන්නවත් සනසන්නවත් බැරි බව තේරැන නිසා වෙන්න ඇති.

එමා ඇති තරම් අඩලා වොශ් රෑම් රකෙන් මූන හොදගෙන ආවටත් පස්සේ තමයි ආදර කට ඇරියේ.

. " "කන්න යමු එමා. ලොකු කෑම හැදුවා ."

එමා උත්තර නොදී ගිහින් fridge එක ඇරල ඒකෙ තිබ්බ වයින් බොට්ල්ස් දෙකෙන් එකක් අතට ගත්තා. මූඩිය ඇරියට ග්ලාස් එකක් වත් ගන්නෙ නැතිව ආයෙත් sofa එකේ වාඩි වෙලා bottle ekenma වයින් බොන්න පටන්ගත්තෙ ලස්සන දිහාවත් බලන්නෙ නැතිව.

ලස්සන ඒත් වචනයක් වත් කිවුවෙ නෑ...
විනාඩි දහයක් යන්න කලින් එමා වයන් බොට්ල් එකම කටේ තියාගෙනම ඉවර කලා කිවුවොත් ඔයාල හිතයි බොරැ කියල. ඒත් ඇත්තටම එමා ඒක බිවුවා.ලස්සන ඒත් සද්දයක් නෑ...

එමා ට ඕනි වුනෙත් මේ නිදහසමයි.....දවස් ගානක් දුක් වෙලා හෙම්බත් වුනු හිතට හරි වැරැද්ද කියල දෙන කෙනෙක් නෙවේ...ලගින් ඉදන් තනි නොකර බලන් ඉන්න කෙනෙක්...

එමා⁣ට තේරැනා මුලු ඇගම රත්වේගෙන එනවා වගේ...ඇස් දෙක බර වෙනව වගේ...ආදර ව මතක් උනා....කට හඩ අහන්න හිතුනා....ෆෝන් එක ගන්න නැගිටිද්දි වැටෙන්න වගේ ආවත් ..ඇවිද්දෙ වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි උනත් එමා ට ඔනි උනේ ම කෝල් එකක් ගන්න ...

ලස්සන එමා ව අල්ලගෙන ⁣රෑම් එකෙ බෙඩ් එකට ඇරං ගියා...ෆොන් එකත් ගෙනත් දීල පැත්තකින් වාඩි උනා. එමා අමාරැවෙන් ආදර ගෙ නමබඒ එක ඩයල් කරල කොල් කලා...
.......ආයෙත් ආයෙත් කෝල් කලා....ආන්සර් කරන්නෙම නැති තැන ෆෝන් එක පැත්තකට විසි කරල ආයෙත් අඩන්න ගත්තා....

""එමා ..දැන් ඇති.. " "

"@මට මොකක්ද කරන්න තියෙන්නෙ දැන් ? ආදර ව අමතක කරන්නද? ""

එමා හයියෙන් එයාගෙම කමමුල් දෙකට ගහගත්තා

"."නවත්තගන්න දැන ඇති..." "
ලස්සන එමා ගෙ අත් දෙකින්ම අල්ලගත්තම එමා ලස්සන ගෙ පපුවෙ තුරැල් වුනා....

එමා ට එදා රෑ ලස්සන නින්දෙන් එමාව තුරැල් කරගත්තු දවසෙ දැනුන ෆීලිං එක අසිහියෙන් දැනුනා

.... " "මට ආදර එපා..එයා මෝඩයෙක්...මාව දාල වටේ යන මෝඩයෙක්....ලස්සන මට ඔයාව ඕනි...මේ දැන්ම ඕනි...මට ඌ එපා ආයිත්..." "

එමා අසිහියෙන් කියාගෙන කියාගෙන ගිහින් ලස්සනට හොදටම තුරැල් වුනා...

සමාවෙන්න ...දැන් ආයෙත් කතාව වල් පාටයි...මෙතනින් එහා වුනු දේවල් විස්තර කරල ලියන්න මට අමාරැයි...කලුවර රෑක හද එලියට ගිහින් වාඩි වෙලා...ඇස් පියාගෙන එමා වයි..ලස්සන වයි මතක්කර ගන්න..එයාල මොනව කරන්න ඇතිද? .....ඔයාලට හිතේ මැවෙන හැම දේම ඒ දෙන්න කලා....හැබැයි එක දෙයක්...ඒ එක දෙයක් වත් වල් හිතකින් විදින්න එපා....ලස්සනට විදින්න... ආයෙත් කියන්නම් ....ජීවිතේ හරි පුදුමයි නේද? .....

Monday, December 18, 2017

Part 25

එමා දවසම නිදාගත්තා. ......
දුක හිතුනම කරන්න තියන හොඳම දේ හොඳට නිදාගන්න එක. ඊටත් වඩා කරන්න පුලුවන් හොද දෙයක් තියෙනවා. ඒත් ඒක කවුරුත් කරන්නේ නැති එකයි ප්‍රශ්නය. .........ක්‍රමය මොකක්ද දන්නවද.
 ජීවිතය කවදාවත් සරල රේඛාවක් වගේ ගලාගෙන යන්නේ නැති බව තේරුම් ගැනීම. ජීවිතය යන්නේ zig zag line එකක් විදිහට ....... කවදාවත් කිසිම කෙනෙකුගේ ජීවිතය සතුට විතරක්ම රැඳෙන්නේ නෑ. සතුට විතරක් ම තිබුණා නම් අපි රහත් වෙලා .අනිවාර්යයෙන් දුක සතුට ජීවිතයට ලැබෙන්නේ fifty fifty.... දුක හිතෙන වෙලාවට ඊළඟට එන්න සතුට කියලා හිතලා කාම් වෙන්න පුළුවන් වුණානම්....... සතුටින් ඉන්න වෙලාවට ඊළඟට එන්නේ දුක කියල දැනගෙන ජීවත් වුණා නම්... ....ජීවිතේ ගොඩක් අමාරු වෙන්නෙ නැහැ.........

 එමාටත් ඉතින් නැගිට්ට වෙලාවෙ ඉදන් නිකන් ඉන්න බැරි නිසා අර කෙල්ලගේ insta ආයෙත් check කලා..... ඕකට තමයි කියන්නේ අඬගහලා දුක ළඟට ගන්නවා කියලා...... ලඟට ගත්තා නම් දැන් ඉතින් විඳවන්න වෙනවා...... කෙල්ල එයාගේ යි ආදර ගෙයි අත් දෙකේ ෆොටෝ එකක් insta දාලා.......
 එම තරහෙන් පුපුර පුපුර ආදර ට කෝල් එකක් ගත්තා.

 "මොකක්ද ඔයා මේ කරන ජරා වැඩේ. ඔයා ඔය කෙල්ලත් එක්ක kandy ගිහින් නටන නාඩගම මොකක්ද... ශික් ලැජ්ජාවේ පන යනවා..... ඒකි ඔයාගේයි ඒකිගෙයි අත් දෙකෙ.. ෆොටෝ එකක් insta දාලා"

 "පිස්සුද අනේ මගේ අත නෙමෙයි "

"මෝඩයෙක් වගේ බොරු කියන්න එපා අාදර මට මගේ කොල්ලගෙ අත අදුරගන්න පුළුවන්....."

 "හරි හරි ඉතිං නිකම් දාන්නැති.... නිකං වාහන යනකොට ෆොටෝ එකක් ගත්තා ...... "

ආදර හදන්නෙම මොකුත් ප්‍රශ්නයක් නෑ වගේ රඟපාන්න

 "මේක කරන්න බෑ ආදර තවත් ඉවසන්න බැහැ...."

 "හරි හරි ඒවා ටික දවසයි...."

 "එමා තරහ වැඩි කමටම ෆෝන් එක කට් කලා....."

 කරන්නම දෙයක් නැති නිසා fb එකේ messages චෙක් කරන්න ගත්තා.... දුක ලග සතුට කියලා වගේ බයිට් එකක් නිකම්ම අත ළඟට ඇවිත්. කොල්ලෙක් hi කියනවා ගොඩක් සැරයක්... කොල්ලා ඉල්ලන් කන්න හදන්නේ...... එක සැරයක් hi කියන වැදගත්කමට හිටියා නම් මේ මුකුත් ප්‍රශ්න නෑනේ..... ඔහොම ඉන්න දෙන්න ඔයාට ජම්බු.....

" හායි "එමා රිප්ලයි කලා

" අම්මෝ ඇති යන්තම් රිප්ලයි කලා "

" රිප්ලයි කරන්නවත් messages බලන්නවත් වෙලාවක් නෑ"

 "ඉතිං ඔයාගේ විස්තර කියන්නකො"

"අනේ මගේ විස්තර නම් මොකුත් නෑ ඔයාගේ විස්තර කියන්නකො"

 "මම ඉන්නේ හොංකොං රෙස්ටෝරන්ට් එකක් කරනවා.. තනියම තමා මෙහේ ඉන්නේ... අම්මෝ ඔයා හරි ලස්සනයි... දැක්කම ආස හිතුනා එකයි මැසේජ් කලේ........."

" Thank you"

 "ඔයා ජිම් යනවද එමා.... ඔයාගේ කකුල් ලස්සනයි...."

 restraunt කරන කෙනෙක් නෙමෙයි නෙමෙයි foot spa එකක් කරන එකෙක් ද කොහෙද... කතා කරපු ගමන් කකුල් ගැන කතා කරන්නේ...
ටික වේලාවක් එක එක ඒව කතා කළාට පස්සේ කොල්ලා හරිම තැනට ආවා...

"ඔයාගේ ෆොටෝ එකක් එවන්නකෝ..."

 "photos ඕනෙතරම් තියෙන්නෙ profile එකේ"

 @නෑ නෑ දැන් ගත්ත ekak ewannako. ඒක ඔබ්සර්ව් කරල දෙයක් කියන්න"

හප්පා...

"නෑ අවශ්‍ය නෑ..."

"ඇයි අපි මේ තරම් ඕපන් ලංවෙලා කතා කරලත් ඔයාට ෆොටෝ එකක් එවන්න බෑ කියන්නෙ"

"ලංවෙලා....?...ඊයා....කවුද ලං වුනේ?"

"ඇයි අපි මේතරම් වෙලා චැට් කලේ"

"ඉතිං ...?"

"ඇත්තමයි මම ඔයාට මාර ආසයි...එක දවසක් හරි මට ඔයාව දකින්න ඕනි..මට ආසයි ඔයාගෙ ලස්සන කකුල් අල්ලන්න කැත හිතින් නෙවේ..පූජනීය වස්තුවක් වගේ...."

"ඊයා...පෙරේතයා.....පිස්සෙක්නෙ හලෝ ඔයා....ලග හිටියනම් අල්ලල පොලාව ගහනවා....මීට පස්සෙ මට එක මැසේජ් එකක් එවුවොත් අන්ෆ්රෙන්ඩ් කරල දානවා.....පෙරේතයා....හරක.....එකක් එවන්න බෑ... හොදද...."

"ඕකේ "

"කිවුවනෙ රිප්ලයි එපා කියල....ඕකේ වත් කියන්න එපා......මෝඩයා....මම ලියන එක කියවල සද්ද නැතිව ඉන්නවා.....නැත්තන් බ්ලොක් කරනව..."

එමා දවසෙම තිබ්බ මාන්දමික ගතිය නැති කරගත්ත කොල්ලට බැනල....කොල්ලගුටි කාපු රෝමන් කාරයා වගේ සද්ද නැතිව ගියා....රෝමෙටම යන්න ඇති.....


Sunday, December 17, 2017

Part 24

කොළඹ එන ගමන් නිකමට වගේ අර drumstick girl ගෙ ඉන්ස්ට චෙක්කලා. ඒකෙ photos දෙක තුනකටම ආදර කමෙන්ට් කරල තිබ්බා. my cuty..... උම්මා... වගේ දේවල්........ හිත රිදුනත් එමා හිතා ගත්තා කොළඹ ගිහින් ආදර ව මීට් වෙලා දෙකෙන් එකක් බේර ගන්නවා කියලා......

 කොළඹ ආපු ගමන් ema ආදරට කෝල් කලා.

 "ආදර ඔයා කොහෙද ඉන්නේ මම කොළඹ ආවා mata oya හම්බවෙන්න ඕන."

 "මම හදිසියෙන් kandy යන ගමන්

 මොකක් ඇයි මට කිව්වේ නැත්තේ මම kandy ඉඳලනෙ ආවේ...

 "හරි හරි හදිස්සියෙන්."

"තනියම?"

 "නැහැ යාළුවො ටිකක් එක්ක. මම තියන්නම් පස්සෙ ගන්නම්."

 එමාට මාර දුකක් දැනුන ඔච්චර දැනගෙනත් එමා kandy හිටිය බව ආදර නිකමට වත් කිව්වෙ නෑනෙ kandy යන කතාවක.


 ටික වෙලාවකින් ආදර ගේ facebook එකේ ශෝක් ෆොටෝ එකක් tag වෙලා තිබ්බා. ටැග් කරලා තිබ්බේ drumstick කෙල්ල. "මේ පිස්සො දෙන්නත් එක්ක kandy යනගමන් " කියලා

 ඕනිම කෙල්ලෙක්ට මේවගේ දෙයක් දැක්කම තරහ යනවා වගේම එමා ටත් තරහක් දුකක් දැනුනා. මේ තරම් බොරුවක් ආදර කරන්නේ ඇයි.. එමාට  හිතාගන්නත් බෑ.... අනික මෙච්චර මාත් එක්ක ඉදලා එකසැරේ hiruka අයියගෙ වයිෆ් එක්ක යාළුවෙලා දවස් 3 -4 තවත් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න තරම් මොනවගේ මානසිකත්වයක්ද ආදරට තියෙන්නෙ කියල එමා ට හිතාගන්න වත් බැරි වුනා.
 එමාට මේ දේවල් තනියම ඉවස ගන්න අමාරුයි....
 photo එකේ විදිහට කෙල්ලගෙ අයියා එතන ඉන්නවා....

"ලස්සන ඔයා දන්නවාද ආදර අර කෙල්ලත් එක්ක kandy කියලා"
 බැරිම තැන එමා ලස්සනට කතා කළා.

 "ඔව් අර මොඩ්ලින් කරන girl නේද?"

 "කොහෙන් හොයා ගන්න නල්ල මලේ කෙල්ලෝ ද මන්දා මට කතා කරලා බනින්න හිතෙනවා"

 "ගොඩේ ගෑනියෙක් වගේ හැසිරෙන්න එපා එමා"

 "ඔයාටත් පේන්නේ මගේ වැරදි නේද"

 "ඔයා ඔහොම අහන එක අසාධාරණයි"

 "ඇත්තනෙ  oya හැම වෙලාවම ගන්නේ ආදර ගෙ පැත්ත"

"එමා මොලේ කල්පනා කරන්න . ආදර කියන්නේ මගෙ යාලුවා . ඒත් මම ඔයාටත් ආදරෙයි . ඔයාට මම ඕනි වෙලාවක ඉන්නවා ."

"ආදරෙයි..." එමා ට ඒ වචන ටික හොදට ඇහුනා....මුලු රෑ ම ලස්සන,එමා එක්ක කතා කලා....⁣phone එක තියද්දි යන්තමින් එලිය වැටිලා ....

ජීවිතේ හරි පුදුමයි නේද? පුදුම වෙන්න එපා...කලියුගය කියන්නේ මේකට ...මිනිස්සු වෙනස් වෙනව හරි ඉක්මනට...මිනිස්සු ආත්මාර්තකාමීයි...එයාල ඒ ආත්මාර්ථය නිසා ආදරය සම්බන්ධයෙන් වෙනස් වෙන වෙනස් වීමට කියන්නේ "ආදරය " කියල ...එහෙම ⁣වෙනස්වෙන එක මොනවිදියෙන්හරි තමන් ගෙ වාසියට "හරි " කියල අනුන් ට පෙන්නන  අයට නමක් කියනවා " රැඩිකල් " කියල ...
කලියුගයේ trend එක රැඩිකල් වීම....ඒක ඇතුලෙදි ගොඩක් දේවල් සාදාරනයි...

ඒක තමා හරි  දේ කියල මට ඔයාලව රවට්ටලා එමා සාදාරනයි කියන්න බෑ..ආදර අසාදාරනයි,,,කියන්නත් බෑ..ඔයාලට සාපේක්ෂ විදිහ ට කතාව තේරුම් ගන්නකො.......මේ කලියුගය ....

Wednesday, December 13, 2017

Part 23




හොඳ හොඳ සෙල්ලම් එළිවෙන කොට.... එක සැරෙන්ම එමාට වයිබර් මැසේජ් එකක් ආවා... ඒකෙ දිග විස්තරයක් ලියලා තිබ්බා....... එයා හිරුකගෙ වයිෆ්ගෙ boyfriend ලු. ආදරයි ..හිරැක ගෙ වයිෆ් අතර තියෙන connection එක ගැන දන්නවද කියලා අහලා.

"" මම දන්නේ නෑ.."".... එමා රිප්ලයි එකක් දැම්මා

 එක දිගටම screenshot වැස්සක් වගේ ආව.
 ඒ ඔක්කොගෙම තිබුනෙ ආදරගෙයි...හිරැකගෙ වයිෆ්ගෙයි දවස් තුන හතරෙ ආදර කතාව.

 ආදර ලියලා තිබ්බා ඔයා නැතුව මට ඉන්න බෑ පන .....ඔයාව මට ඕනේ .....ඔයා මගෙ පණ .....වගේ පැණි talk බෝතල් ගානක්....... අනිවාර්යයෙන් කෙල්ලට හිතෙන්නැති මේවා ecological මීපැණි කියලා..... ඒ තරම් පිරිසිදු පාටයි....... packing එහෙම මාර ලස්සනයි.......

 "" Thanks  මේවා මට එව්වට. ඒත් ඇයි මේවා මට එව්වේ.?..."".. එමා call එකක් ගත්තා.......

 ""එමා මම ඔයාගෙ නම්බර් එක හොයා ගත්තෙත් අමාරුවෙන් ...ඔයා හොඳ කෙල්ලෙක් ඔයා මාර ලස්සනයි මට හිතාගන්න බෑ ඔයා කොහොමද මේ වගේ මනුස්සයෙක් එක්ක ජීවත්වෙන්න කියලා ඔයා පවු ඒකයි මං ඔයාට මැසේජ් කරන්න හිතුවේ""

 අනේ මේ ඔයා කොහොමද දන්නෙ මම හොඳයි කියලා අදමයි කතා කළේ එමා හිතෙන් හිතුවාට කියන්න ගියේ නෑ.......

..."". හරි මට දැන් කියන්නකෝ ඔයා මොකද කරන්නේ කියලා හිරැක අයියගෙ වයිෆ් එක්ක ඔයා ගන්න තීරණය මොකක්ද.....

"" එමා මම ඔයාට ඇත්තම කියන්නම් කො hiruka එයාව මැරි කරලා ඉන්නෙ...තාම ඩිවෝස් එක අරගෙනත් නෑ ඒත් දැන් අවුරුද්දක් තිස්සේ මාත් එක්ක ජීවත් වෙන්නේ අපි ආවෙ ලංකාවේ ඩිවෝස් එක ගන්න.....
 ඇත්තටම මට එයාව බඳින්න කිසිම උවමනාවක් නෑ මගේ අම්මලා කොහොමටවත් කැමති නෑ බැඳපු ගෑනියෙක්ව බඳිනවට..."""

 සම්ප්‍රදායික ජරාම ජරා පිරිමිකම එලියට ආවම මට එතනදි අප්පිරියාවක් ආවා ... අවුරුද්දක් තිස්සේ ඒ ගෑනි එක්ක බුදියන්න හොඳයි ඒත් ඒ ගෑනිව බඳින්න බෑ ඔයා වගෙ පිරිමි නිසා තමයි ගෑනු වටේ යන්නේ.. එමා  හිතට ආපු එකක් වත් කියන්න ගියේ නෑ මොකද එමාට එයාව අදාළ නැති නිසා.... කරන්න ඕන මොකක්ද කියල එමා දැනටත් තීරණය කරල ඉවරයි....

"" හරි ඔයා කතාව කියන්නකො""

 ""ඉතිං මට ඕනි එයාම ඒක තේරුම් අරගෙන මගෙන් අයින් වෙලා යන්න.... එයා දැනට ලංකාවේ ඉන්නේ මං එයාට අරන් දුන්න ගෙදර........ ""

 ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මෙයා කරන්නේ අර ගෑනිව use කරන එක

""එයයි හිරුකයි දෙන්නම කරදර කරන්නේ බදින්න කියලා මට....... ඒත් මට බැදපු ගෑනියෙක් බඳින්න බෑ...අපේ අම්මලා මට දේපල මොකුත් දෙන එකක් නෑ....... ඊයේ පාන්දර වෙනකම් එයා ගෙදර ඉඳලා නැහැ..... ඒ නිසා මං උදේම ගෙදර ගිහිල්ලා එයාගේ ෆෝන් එක බැලුවාම මේ messages ඔක්කොම දැක්කා....... ඊට පස්සේ මං හිතුව මේ ටික ඔයාට එවන්න ඕන කියලා.......

""තෑන්ක්ස් එව්වට.... ""

 එමා screenshots ටික එහෙමම ආදරේටයි ලස්සනටයි දෙන්නටම sand කළා.....

 ඒක seen වැටුන ගමන් ආදර කෝල් කරා....

 ""කොහෙන්ද ඔයාට ඒවා හම්බුනේ?""

 ""ඔයා රෑ තිස්සේ වයින් බීපු මහලොකු ආදරවන්තිගෙ boyfriend එව්වේ.""

 ""ඌ මොකටද ඔයාට කතා කරේ?""

 ""ඒක ඔයා එයාගෙන් අහගන්න මොකටද කතා කරයි කියලා ,,,ඔයා ඉතින් husband ..boyfriend දෙන්නම ඉන්න කෙනෙක් එක්ක නෙ ලව් කරන්න පටන් ගත්තෙ.""

 ""පිස්සුද කවුද කිව්වේ ලවු කරනවා කියලා""

 ""ඇත්තද? හොඳයි ....ඒ බෝයි මට කතා කරලා කිව්වා අරයව අතාරිනවා මගෙත් එක්ක යාළු වෙන්න කැමති කියලා.""

 ""කණ පැලෙන්න ගහන්න ඕනි okata""

 ""ඒ මොකටද ඔයා මාව අතහැරලා නේ තියෙන්නේ.... මං කාත් එක්ක යාළු උනහම ඔයාට වැඩක් නෑනේ.......""

 ""නෑ මම අත ඇරලා නැහැ...... ඔයා ඉන්න ඒ දෙන්නත් හිටපුදෙන් ජොලියට නේ"

 ""අනේ මේ ආදර ඔයාගේ ඔය පිස්සු මළ විකාර නවත්තගන්න ..."

 ""හරි හරි මම එහෙනම් තියෙනවා ,,,මම අරෑව අල්ල ගන්නම්කෝ.""

 කොයි තරම් තරහක් තිබ්බත් එමාට ආදරගෙ කටහඩ ඇහෙනකොට පුදුම දුකක් දැනෙනවා.... එයාව අමතක කරන්න ,,කරන්න පුළුවන් දරුණුම වැඩේ උනත් කරන්න හිතුනා....

 ""එමා කවුද මේ ටික එව්වේ.?""... ඒ සැරේ ඒ ප්‍රශ්නෙම ලස්සන අහනවා..

"" හිරුකගේ වයිෆ්ගෙ boyfriend""

"" මූට නම් පුදුම අමාරුවක් තියෙන්නේ ඕකට ගහන්න ඕන""

 ""ඔයා මොකටද එයාට බනින්නේ... වැරැද්ද කළේ එයා නෙමෙයි නේ......""

 ""අනේ ඔයා දන්න තරම නේ ඌ තමයි හිරු කගේ ලයිෆ් එක විනාශ කළේ...ඌ ගෑණිව ඉස්සුවා...""

 ""අනේ මේ ලස්සන ඒ ගෑනි බබානේ උස්සන්න.... please ඔය වගේ ගොන් කතා කියලා මාව තරහා ගස්සන්න එපා.......""

 ""උගේ ගෑනිව ඉස්සුව මදිවට දැන් කසාද බඳින්නත් බෑ කියනවා..""

""තියෙන හොඳ කමට වෙන්න ඇති බඳින්න බෑ කියන්නේ""

 ""එමා ඔයා මාර නපුරු වෙලා""

 ""එහෙම තමයි ලස්සන ...මිනිස්සු වෙනස් කරන්නේ මිනිස්සුම තමයි

"" ඔයා දැන් වැඩ ඉවරද?""

 ""ඔව් අපි අන්තිම මීටින් එකත් ඉවර කළා හවස මායි දිනෙත් උයි කොළඹ එනවා...ඒ ආවම මම ආදරව මීට් වෙන්න එනවා....මාව දැක්කම එයා වෙනස් වෙයි..ඒත් මට මාර අමාරැයි..""..

""ඔයා එන්නකො...වෙන දෙයක් වෙයි.."".




Tuesday, December 12, 2017

Part 22

දුක ඉවසගන්න බැරි වුණත් ඒමා හිතා ගත්ත හෙට වෙනකම් කොහොම හරි ඉවසගෙන ඉන්නවා කියලා....
 දැන් එමාගෙ හිතේ ඇතිවෙලා තියෙන්නෙත් තරහක්.... තරහා ගිය වෙලාවට කිසිම දේකට කිසිම action එකක් එකක් ගන්න හොඳ නැහැ කියලයි එමා දන්නවා.... එහෙම කරනකොට ප්‍රශ්න දිග්ගැස්සෙනවා කියලත් ඒමා දන්නවා.....
 ඉතින් ඒ නිසා එමා කිසිම action එකක් ගන්නෙ නැතුව හිටියා..
 action නොගත්තට මොකද ආපහු facebook එකේ උඩට පහලට ගිහින් හොයන්න ගත්තා.
 දෙදරන දඟර සුළං ලොකු සුනාමියක් අත ළඟ කිව්වලු.....
 මෙන්න ඒ සැරේ ආදර තව කෙල්ලෙක් එක්ක...

කවුද මන්දා කෙල්ලෙක් එක්ක ගත්ත ෆොටෝ එකක් ඒ කෙල්ල ආදරව ටැග් කරල fb දාල..... කවුද අප්පේ ඒ... බැලූ බැල්මට නම් ලේසි පහසු නෑ.....
දැන් ඉතිං එමා ඔයාට තියෙන්නෙ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලගෛන ඉන්න...ඔයාට මේ ෆිල්ම් එකේ දුශ්ඨයා character එක කරන්න ඕනි නෑ...ඔයා Audience එකේ ඉදන් බලන් ඉන්න ..මම එමාට කිව්වා.

......." පිස්සුද එහෙම කොහොමද දුෂ්ටයා කියන්නේ වැදගත් චරිතයක් ඒක මං ගන්න ඕනේ ... මගේ සහෝදරයගෙ වැඩක් කියලා හිතාගෙන සල්ලි ගන්නැතුව හරි මං මේ චරිත කරනවමයි......"

 හම්මෝ.... මං හැදුව ළමයා මටම කියනවා අම්මට ඕව තේරෙන්නෙ නෑ කියලා...... එතකොට තමයි අහුවෙන එකකින් දමලා ගහන්න හිතෙන්නෙ....... මේ වගේ නිසා වෙන්න සමහර අම්මල ෙ බනිනකොට කියන්නෙ පොල්ලට ලොකු වලං නෑ හැදුවනම් මරන්න පුළුවන් කියලා ආවේශ වෙන්නේ
....

 ඉට්ස් ඕකේ එමා..... මං flexible අම්මා කෙනෙක්... understanding.... ඔයාට ඕනෙම නං ඔයා දුෂ්ඨ චරිතය ගන්න........ ඔය ඔක්කොම කරලා බලන එක ඔයාගේ ජීවිතේට හොඳ එක්ස්පීරියන්ස් එකක්.......

 ඉතින් කොහොමහරි එමා  අර කෙල්ලගේ fb account එක බැලුවා . කෙල්ල අලුතෙන් මොඩ්ලින් ෆීල්ඩ් එකට ආපු කෙනෙක්..... ඔයා තාම අලුත් වැඩී නංගි.... එමා තනියම හිතුවා...... විසේ නම් උපරිම පාටයි. youcam makeup ඇප් එකෙන් මුලු මූනම පොලිෂ් කරලා සුදූ පාටයි.... කකුල් දෙක නිකන් side drum එකකට හයිකරපු sticks දෙක වගේ......
   ........ ඔව් එමා ත් ඉතිං ඔයාලා වගේම තමයි කෙල්ලෙක් නෙ.... අර කෙල්ලගේ පුළුවන් උපරිම ඇද ටික හොයනවා..... ආයේ ඉතින් කෙල්ල ලෝකෙම ඉන්න beauty queen වුණත් එමාට පේන්නේ වැඳිරියක් වගේ...... කෙල්ල ලස්සනයි කියන ඕනෙම කෙනෙක් දරුණුම තරහා කාරයෙක් වෙනවා........

........ ඇයි දැන් සමහරක් අයට හිතෙනවද අපි නං එහෙම නෑ කියලා... අනේ යන්න නංගි යන්න.... උඩින් කොච්චර එහෙම කිව්වත් හිත යටින් ඉරිසියාව තියෙන බව මට ඉතිං අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ.. මාත් ගෑනියෙක්නෙ.....
වෙන කතා වගේ නෙමෙයි මේ කතාව ලියන්නෙ කෙල්ලෙක් නිසා ඔයාලට ලේසියෙන් බේරෙන්න බැහැ......

 ඊළඟ දවසට එළි වුණා....

අර ඊයෙ රෑ දාල තිබ්බ ෆොටෝ එකට ආදර දාලා
"Ummmmmmmmmmmmaaa"කියලා....
අර side drum කෙල්ල heart ගොඩකුයි kiss ගොඩකුයි කමෙන්ට් කරලා... 100ක් විතර....

හිකිස්....... kella ආදරට ගොඩාක් ආදරෙයි වගේ..... සෑහෙන high speed වාහනයක්...... ස්ටාර්ට් කරපු ගමන් කොට්ටාවේ entrance එකේ ඉඳලා හික්කඩුවේ exit එකට ගිහිල්ලත් ඉවරයි........ ඔහොම යං නංගි......

 එතකොට හිරුක අයියගෙ වයිෆ් ගේ චරිතෙට මොකද වුනේ..... ඊයේ රෑ වයින් බීලා කියපු එකේ... ..... සිංදුවක් දෙකක් කියලා නිකන් ෆන් එකක් දෙන නිකංම නිකං කෑකෝ පප්පා කෙනෙක් වෙයිද....

 එමාටත් නිකන් ඉන්න බැරි නිසා ආයෙත් ආදර ට අරගෙන ඒ ගැන අහන්න හිතුනා.

"හෙලෝ.""... පුදුමයි ආන්සර් කරා......

 "ආ කොහොමද.... ඔයාගෙ love එක හොඳට නැගලා යනවානේ... මාරයිනේ දවස් දෙක තුනේන්""

" මං එහෙම තමයි""

 "දැන් කොයි කෙනාද ඔයාගේ love එක හිරුක ගෙ වයිෆි ද නැත්තං අර drumstick කකුල් තියන කෙල්ලද....?...""

" දෙන්නම""

 "ශා මරු.... ත්‍රී සම් එකක්ද""

 "ඔව් ඇයි""

" වාව් මාර ලවුඑක""

 "love නෑ .... නිකන් ජොලියට""

 "ඇත්තද... දැන් ඉතින් ඔයා කවුද තෝරගන්නේ?""

" මට දෙන්නම ඕනි ... ඔයා එපා... ඔයා කරදර කරනවා.... ""

 "thanks බායි....""

පන්ඩිතය වගේ කතා කලාට එමා ට මාර දුකයි ආදර කතා කල විදිහ ට....මේ තරම් ආදරෙන් ඉදල  මේ තරම් ඉක්මනින් වෙනස් වෙන්නෙ කොහොමද ?....



Part 21

දිනෙත් කිවුව දේ ගැන හිත හිත ඉදලා එමා ආදර ට කෝල් කලා....
ආදර answer කලා ද? නෑ...එමා එක සැරයක් අරං නිකන් හිටියද? ඒත්  නෑ....දෙකෙන් එකක් බේරගනවා කියල හිතල එක දිගටම ගත්තා .
බැරිම තැන ලස්සනට ගත්තා ...

"ලස්සන කෝ ආදර ? "
"ඉන්නව එමා"
" එයාට ⁣phone එක දෙන්න"
"ඉන්න.. "

ඉවසන්න අමාරැ තත්පර ගානක්....

"එමා...ලස්සන ගන්නම් කිවුවා...යාලුවො ඉන්නවා "

" අනේ මේ ලස්සන ...දෙන්න එයාට phone එක."

" එමා ...අහන්න කියන එක..."

" මට ඔයා කියන එක අහන්න ඕනි නෑ..එයා ගෙදර යන්නෙත් නෑ...කවුද ඉන්න යාලුවො ?"

" හිරැක ගෙ වයිෆ්..එයා ගෙ යාලුවා"

එමා ට ඇඩුනෙ දුකට නෙවෙයි ...තරහට...දවසක්ම හරියට නිදාගත්තෙත් නෑ.

" අනේ දෙන්න එයාට කතා කරන්න ...එයාල කොහෙද ඉන්නෙ? රෑම් එකේ නේද? ඇත්ත කියන්න...ඔයා ඇයි එතන නැත්තේ ?"

එමාට මැවිල පේන්නෙ විකාරම දේ
වල්...ලස්සන ගෙ ගෙදර එමා ආදර එක්ක ඒ රෑම් එකේම තුරැල් වෙලා හිටිය හැටි මතක් වුනා....ඒ බෙඩ් එකේම ආදර තවත් ගෑනියෙක් තුරැල් කරන් ඉන්න හැටි මැවිල පේන්න ගත්තා ....

"ඔයා හිතන දෙයක් මෙතන නෑ...එයාල වයින් එකක් බොනවා...මම චූටි වැඩක්...හෙට බාර දෙන්න තියෙන නිසා ඒක කරනවා...."

"අනේ ලස්සන ...මට ඇත්ත කියන්න..."

" හොද ලමය වගේ අහන්න ...පුටු දෙකක වාඩිවෙලා කතා කරනවා.....යාලුව කෝල් එකක. .. හුස්මක් ගන්න එමා...අඩන්න එපා."

එමා ෆොන් එක තිබ්බට ඔලුව තනිකරම අවුල්..මොකක්ද මේ වෙන්නෙ කියල එමාට හිතාගන්න බෑ. මේතරම් ඉක්මනින් මෙහෙම දෙයක් වෙයි කියල හීනෙන් වත් හිතන්න  බෑ.

එමා ට වැඩිපුරම ඉවසන්න බැරි වුනේ එක සැරේ ආදර කෙල්ලෙක් නිසා වෙනස් වුනු එක....කෙල්ලෙක් එතනට ගෑවුනේ නැත්නම් මේ තරම් දුක හිතෙන එකක් නෑ....
""ආදර ඔයා මට මේ විදියට  කරන්නෙ මම අසරණම වුනු වෙලාවක. මම
 දුර ඉන්නෙ...වැඩ ⁣ගොඩක හිරවෙලා . නිදාගෙන නැහැ...නයෙක්ට දල කඩල පොල්ලකින් ගහනව වගේ...මට පන නෑ....""" එමා තනියම කෑගහල ඇඩුවා. පැය බාගයක් යන්න ඇති එමා ආයෙත් ආදර ට ගත්තා....ෆෝන් එක off. ...ලස්සන ට ගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ...

"" අනේ මට හුස්ම ගන්න බෑ....මට ආදර ට කතා කරන්න ඕනි.."". එමා ඉකි ගැහුවා ...

"" එමා ...අනේ එමා... අඩන්න එපා පිලීස් මම කියන දේ අහන්න ...මම මේ ගැන කතා කරන්නම් ආදර එක්ක.. අද දවස ගත කරන්න ..අමාරවෙන් හරි....මම ඔයා එක්ක phone එකේ ඉන්නම්...."

එමා ට ලස්සන ඇරෙන්න වෙන පිහිටක් ඒ වෙලාවෙ තේරැනේ නැහැ.....ටික වෙලාවක් යනකන් ලස්සන එක්ක කතා කර කර හිටියට ... continue කරන්න තරම් මානසිකත්වයක් එමා ට තිබ්බෙ නෑ...

""ඕකේ.... ආදර ඔයා  ඔහොම කරන්න .....ඔයා තාම එමා ගැන දන්නෙ නෑ...එමා අද අඩයි.....අඩල අඩල හිත හදාගනියි....හෙටත් දවසක් නෙ""

Monday, December 11, 2017

Part 20




එමා ට පැයක් නින්ද යන්න ඇති..බය වෙලා වගේ ඇහැරැනා.....
ඔයාලට එහෙම දැනිල තියෙනවා ද? හීනෙනුත් නැගිටලා අතගාල හොයන ආදරය ක්...ඒක මාර දුකක්... කලුවරෙත් නැගිටල අතගාල හොයනවා....ඒත් එත⁣කොට එයා ලග නෑ කියල දැනුනම තනියම ඉකි ගහලා අඩල තියෙනවද? එහෙම අඩල පපුවෙ හුස්ම හිරවෙන්න ඇවිත් තියෙනවද? එහෙනම්  ඔයාලත් අනිවාර්යයෙන් ආදරේ විදල ...විදවලා තියෙනවා....මට එහෙම සිංදුවක් ඇහිල තියෙනව  මුලු සිංදවම මතක නැතත් ඒ වචන පේලිය හොදටම මතකයි....
" මැදයම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා....
නින්දෙන් ඇහැරී කලුවරේම යලි හොයනා..." දන්නවද එහෙම සිංදුවක් ? සමවෙන්න මුල මතක නෑ....

කළුවරත් වැටිලා. එමා හිතුවේ coffee එකක් රූම් එකට ගෙන්න ගන්න. පහලට ගියත් dineth එක්ක චැට් එකක් දාන්න පුලුවන් ඒත් ඒකටත් හිතට හරි මදි....

 අපි බලමු එමා..... එක හීනෙන් එලි වෙන්නෙ නෑ. මේ පටන් ගැන්ම විතරයි... ඉවසන්න......
 ලස්සන ගෙ වචන ටික  එමා ට මතක් වුණා.....

ලස්සන.... වෙන කවදාටත්  වඩා එමා ට ලස්සනව මතක් වෙනවා වැඩියි.

 එහෙන් ආදර ඈත්වෙලා මෙහෙන් ලස්සන ලංවෙලා....

ලස්සනට කතා කරනකොට හිතට සතුටක් දැනුනත් ඒක වින්දත් එමාට ආදර මතක් නොවෙන වෙලාවක් නැහැ........ ආදර ගෙ ඉස්සරත් පොඩි පොඩි කේස් තිබුණට මේ තරම් දරුණුවට මේ වගේ දෙයක් වුණේ පළවෙනි වතාවට. ආදර කවදාකවත් කෝල් එකට ආන්සර් නොකර ඉඳලා නැහැ......

තනියම කල්පනා කරල පිස්සු වැටෙන්න කලින් එමා දිනෙත් ට කෝල් කලා....

 "මොකද්ද දිනෙත් , ආදර ට  ආදරේ කියන්නෙ...?".  . එමා ඒ ප්‍රශ්නය දිනෙත් ගෙන් ඇහුවා....

 "එමා ආදර දන්වා ආදරේ කියන්නේ මොකද්ද කියල .... එයා තවම ජීවිතය විඳිනවා...... එයා ඒ විඳින විදිහ හරිද වැරදිද කියලා එයා තේරුම් ගන්න හදන්නෙ නැහැ.... එයා තවම ජීවත් වෙන්නේ එයාට අයිති ලෝකෙක.... ඒ ලෝකේ රජ්ජුරුවෝ එයා....
එයා ඔයාට ආදරෙයි.... ඒත් ඒ ඔයා අහල තියෙන ආදරේ නෙමෙයි.
... ඔයා අහල දැකල තියෙන ආදරෙයි ...ආදරගෙ ලෝකේ තියෙන ආදරේ කියන්නේ අහසයි පොළොවයි වගේ
.. ගොඩක් අයට ආදර ගෙ ලෝකෙ කියන්නේ පිස්සු ලෝකයක්.... ඒත් ආදර වගේ කෙනෙක්ට ඒක අදාළ නැහැ ....
ආදර ඒක නොදන්නවා නෙමෙයි ....ආදර දන්නවා ආදර ගෙ ලෝකේ 100% ක් නිවැරදි නැහැ කියලා..... එයා දන්නව එයා වැරදියි කියලා... ඒත් එයා ඒක ඒ විදිහට හිතන්න ආස නෑ..... එයාට ඒ ලෝකෙ ලේසියි.... අනෙක් අයට එයාගෙ ලෝකෙ අමාරු වුණාට එයාට එයාගෙ ලෝකෙ පුදුම නිදහසක් දැනෙනවා......
 එයාගෙ ලෝකෙ එක තැනක ඔයා ජීවත් වෙනවා.... එයා ඔයාව replace කරන්න ට්‍රයි කළාට එයාට ඔයාව replace කරන්න පුළුවන් කෙනෙක් තවම ලැබිලා නැහැ.....
 එයා තවම ට්‍රයි කරන්නේ ඔයා ද එයාගෙ ලෝකෙ එතන ඉන්න සුදුසුම කෙනා කියලා.... එයා ඔයාට ආදරේ වුණත් එයාට ආස හිතෙන කෙනෙක් දැක්කොත් එයාට ඒක කරල බලන්නම ඕන..
... ඒ කෙනාව try කරන process එකේදී ඔයා එයාට කරදරයක්... ඔයා පැත්තකට වෙලා පාඩුවේ හිටියා නම් එයාට ඒක ප්‍රශ්නයක් නැහැ..... ඒත් දැන් එයා තරහ අරගෙන ඉන්න ඔයා එයාට disturb කරන නිසා.....
එමා... ඔයා තමයි තීරණය කරන්න ඕන ඔයාට ඕන ඒ ජීවිතේද ....ඇත්තටම ඔයාට ජීවත්වෙන්න සුදුසුම කෙනා එයාද කියලා....හැම දේම ආදර ම ඕනි කියන තැන ඉදල තීරනය කරන්න එපා .. ඔයාගෙ ලයිෆ් එක ඔයාගෙ.....""""

""""ඔව් මගේ ලයිෆ් එක මගේ...දෙකෙන් එකක් බේරගන්න නම් ආදර එක්ක කතා කරන්නම වෙනව⁣...." එමා එහෙම හිතුවා.


Sunday, December 10, 2017

Part 19

නිදිමත වුණත් එමා meetings ඉවර කරලා රූම් එකට අවා. කොයිතරම් ඇඟට අමාරු වුනත් නින්ද ගියේ නම් නෑ.
 එමා සින්දු ඇහුව... යාලුවෝ එක්ක චැට් කළා...... හැමදේම කළා.... ඒත් හිතේ තිබුන පාළුව නැති වුණේ නැහැ....
 පුදුමෙ කියන්නෙ නින්ද යන්නෙත් නෑ...... බැරිම තැන ආදරට කෝල් කළා... එයා ආන්සර් කලේ නෑ..... එමා ලස්සනට කෝල් කළා...... ලස්සන ආන්සර් කළා....

" කියන්න එමා...

" " මට ඉන්න බෑ ලස්සන මට මාර අමාරුයි..

" "  ආදර  නිදි රෑම් එකේ ...හරි ඔයාගේ හිතේ තියෙන ඕනිම දෙයක් කියලා dannako

" " අපි ආදර ගැන කතා කරන්නැතුව වෙන දෙයක් කතා කරමු ද... එතකොට මට හිතට සනීපයි....

" " කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාට කතා කරන්න ඕනෙ ඕනෙම දෙයක් කතා කරමු

" " thanks.... ඉතින් කියන්නකො කුමාරි අක්ක ගැන ටිකක් හිනාවෙන්න

" " එයාට මොංගල්

" " ඇයි ඉතිං ඔයා පස්සේ එන්නේ....

" " අනේ මන්දා මට තේරෙන්නෙත් නැහැ..... ඉස්සර ඉඳන් අපි එකට හිටිය ගොඩක්..... ඒ වුනාට ටික කාලෙක ඉඳලා එයාට පිස්සු.......

" " ඇත්තටම ඔයා එයත් එක්ක මොකක්හරි තිබ්බ නේද?

" පිස්සුද ඔයාට ඇත්තටම එහෙම  නෑ.
"
" ඉතින් ඔයා single මද ඉන්නේ ඒක වෙන්න බෑනේ ...ඔයාට කවුරු හරි ම ඇතිනේ.... කවුරුත් කෙල්ලෙක් නැත්තම් ඔයා gay වෙන්න ඇති." "
එමා එහෙම කිවුවෙ හිනා වෙවී.

" " හප්පා එච්චරයි අඩු කවුද කිවුවෙ මම සිංගල් හිටිය කියල මට කෙල්ලෙක් හිටිය. ඒක තියෙනවයි...නෑයි දෙකම....එයා වෙන කෙ⁣නෙක් බදින්න යන්නෙ...එයා හිතුනම ඇවිත් යනවා.

" "මොකක්ද අප්ප ඒකෙ තේරැම?
"
"එහෙම තමා ඉතිං ...
"
තාමත් එනවද?  එමාගෙ වොයිස් එකේ ඉරිසියාව උතුරනවා

ම්ම්ම්ම්.........

"ශී...ඔයාල ඔක්කොම එකයි...."එමාට තරහ ගියා.

"ඉතිං මට ඔයාට බොරැ කියන්න බැරි නිසා ඇත්ත කිවුවෙ ...බනින්නෙ මොකෝ..?"

"මන්දා. .."

"ඔයා ඇහුවනෙ මට ආදරේ කියන්නේ මොකක්ද කියල...මට ආදරේ කියන්නේ වෙනම දෙයක්..ආදරේ දැනෙන්න වෙනම ලෙවල් එකකින් ..හැමෝම කියනවනෙ මොලෙන් ආදරේ කරන්න ...
......හදවතින් ආදරේ කරන්න කියල ...ඒත් ආදරේ කියන්නේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙ⁣වේ..මට තියෙනව 3rd eye එකක්...ඒකට දැනෙන්න ඕනි ...මට අයිති කෙ⁣නෙක් මේ ලෝකෙ ඉන්නවා නම් එයාව දැක්ක ගමන් මට ඒ පුරැද්ද දැනෙන්න ඕනි. .
.......මට ඒක එයාගෙන් reaction එකක් ලැබෙන්නඕනි. ඒක මට දැනෙන්නෙ රොමියෝ ජුලියට් love srory එකක් වගේ නෙවේ . සිද්ධාර්ථ  යශෝදරා love story එකක් වගේ....මේරි ජෝසෆ් love story එකක් වගේ..
......මට ඒ කෙනා ලැබුනොත් තමා මම ඇත්තටම ආදරය විදින්නෙ. ඒ තරම් ම පින් කරල නැති වෙයි අපි ඒත් අඩුම තරමෙ අපිට අයිති අපි බව වත් දැනෙයි නෙ. ඔයා ට මේව බර වැඩියි එමා ..."

"ලස්සන..මම පොඩි ලමෙක් නෙවේ..ඒත් දැන් ඔයා කිවුවෙ ඔයා ගෙ කලින් ගර්ල් තාම   ඇවිත් යනව කියල ..ඒක ආදරය නෙවෙයි ද එතකොට ? අමතක කරගන්න බැරිව  දුක් විදින?"

"ඒක ඔයාට ආදරේ කියල හිතෙන්න පුළුවන් එමා...මම කියුවෙ ඔයාට ආදරේ කියන්නේ සාපේක්ෂ දෙයක් කියල .ඒත් මට ඒක මම බලාපොරොත්තු වෙන ආදරය නෙවෙයි . ...
......ඇත්තටම එයා මට ලැබෙන්න තිබ්බ ආදරය නම් එයා මගෙන් වෙන් වෙනනෙ නෑ නෙ....එහෙම වුනා නම් අපි පරශ්න විසදගෙන එකට ඉදියි..මට ඕනි ඊට වඩා ගොඩක් ඩීප් ලව් එකක් . මාව දාල යන එකක් නෙවෙයි..."

" එත⁣කොට එයා ඇවිත් යන්නෙ? ආදරේ නැතිව සෙක්ස් කරන්න පුළුවන් ද?"

" ඇත්ත ම කියන්නම්...ඔයා හිතයි මම මහ ජරා කොල්ලෙක් කියල.ඒත් මට සෙක්ස් ඕනි නම් ඒකට මට ලැබෙනලේසිම option එක එයා...අපි අතර බැදීමක් තිබ්බ ..අපි ගැලපෙන්නේ නැති නිසා අයින් වුනා...ඒත එයා කැමත්තෙන් එනවනම්, නොදන්න prostitute කෙනෙක් ලගට ගිහින් ඒක කරනවට වඩා මට ඒක ලේසියි..."

" හ්ම්ම් ...ඔයා හරි ඇති.... "

එතනින් එහාට එමාට ලස්සන එක්ක කතා කරනවට වඩා හිතන්න ගොඩක් දේ ඉතුරු වුනා ....දැන් ඉතිං මුලු හවසම කල්පනා කරන්න දෙයක් ලස්සන එමාට ඉතුරු කරලා .

Saturday, December 9, 2017

Part 18



එමා ආයෙත් fb එකේ උඩට පහලට ගියා. ඇත්තටම එමා ට fb එකෙනි තොර ලෝකය ක් නෑ වගේ. නෑ තමයි ඉතිං ..මෙච්චරකල් පොඩි ඉඩක් ලැබුන ගමන් ආදර ව මීට් උනා. ආදර කොහෙ ගියත් එමා  free නම් එයා ඉන්න තැනකට එමා ව ගෙන්නගත්තා.  ආදර මොන දේ කලත් හැබැයි පුළුවන් විදිහට එමාට මුල් තැන දුන්න. ඒකයි එමාට මේ තරම් upset .
අන්න අර ගෑනි ආයෙත් ⁣photos දාල  Arjit Singh Show කියලා. 
එත⁣කොට ආදර ? ඒ පේඩියා ආදර ,,ඒ ගෑනි ලගින් ම වාඩි වෙලා හිටිය . ...
ලස්සන ? ඒ පේඩියා ත් ආදර ලගින් වාඩි වෙන්නේ නැති ව අර ගෑනිගෙ යාලුවා ගෙ එහා පැත්තෙන් වාඩි වෙලා. ඊට පස්සේ එක දිගටම අකිල ලා..ශේන් ල.

එමාට ඉවසන්න ම බැරි වුනා . එමා ආදරට ගතතා. 
" මොකද ඔයාට වෙලා තියෙන්නෙ ආදර ? එක එක නල්ලමලේ ගෑනු එක්ක . ඔයා කොහෙන්ද ඔය නල්ලමලේ ගෑනු ටික හොයාගත්තේ? "

" එමා.... මොකක්ද ඔයා මේ කරල තියෙන දේ? හිරැක ගෙ වයිෆ් ට මැ⁣සේජ් දාල ඔයා මගෙ ගර්ල් friend කියල . මට ලැජ්ජායි. ඒ කෙල්ල මගෙත් අහනවා ඇයි ඒ කියල . එමා තමුසෙ ඕනි එකක් කරගන්නවා. මම තියනවා."

හම්මෝ මොකක්ද ඒ උනේ එමා ? ඔයා දුන්නෙන් යැවුව ඊතල ටික මිනිහ අතින් අල්ලගෙන දුන්නක් නැතිවම ආපහු ඔයාට විද්ද නේද? 

එමා ඇඩුව. දුකට නෙවෙයි , තරහට.  මුලු රෑම ඇහැරල ඉදල හෙම්බත් වෙලා හිටියෙත්..8.30 ට appointment එක නිසා, එමා 8.00 ට වත් දිනෙත් ව පහලදි මීට් වෙන්නත් ඕනි.

එමා ගොඩක් වෙලා shower එකේ හිටිය . ඇවිත්  ෆෝන් එක බලද්දී  ලස්සන මැසේජ් කරල .

 " එමා ...සොරි...මට ත් අවුල් වුනා ඔයා අර බෝයි එක්ක chat continue කල එකට. ඔයා ඒ තත්වෙට වැටෙන්න එපා . ඉවසන්න පුරැදු වෙන්න . දැන් ඔයා වැඩ ටික කරගන්න . මම දවල්  ඔයාට ගන්නම් ."

" මම විහිලුවක් කලේ. ආයිත් එහෙම කරන්නේ නැහැ. සොරි ලස්සන "

" මට සොරි කියන්න එපා එමා . ඔයත් අවුලෙන් නෙ ඉන්නෙ. ඒත් නම කැත කරගන්න එපා. පරශ්න ජීවිතේ කොටසක් . ඉවසන්න . tc "

එමා ලස්සන ගෙ ඒ කතාවට නම් ඇත්තටම ආස වුනා. ලස්සන කත⁣ෙ කරන්නේ හෙමින් ..ගොඩක් calm. එමා ඒකට ආසයි .

ජීවිතෙත් මාරයි නේද?

...අවුරැදු ගානක් ආදරෙන් හිටිය මනුස්සය ඈත් වෙලා, එයාගෙ චූටි කාලෙ ඉදන් එකට හැදුනු යාලුවා එමාට ලංවෙලා.

ඒක වරදක් ද සම්ප්‍රදායට අනුව නම් වරදක් වෙන්න ඇති වරදක් my කියලා කියමුකො ඒත් මේ වෙලාවේ එමා ඉන්න තත්ත්වය අනුව හරි වැරැද්ද තෝරන්න බැහැ එමා හිටියේ හිතට සැනසීමක් ලබා දෙන ඕනෙම කෙනෙක් එක්ක ලංවෙන තත්ත්වයක.

 ආදර කතා නොකර ඉන්න තරමට ඈත්වෙලා ඉන්න තරමට ලොකු තරහක් එමා ට දැනුනා. ආදර ට රිද්දන්න හිතුනා. ඒ නිසාම වෙන්න ඇති එමා ලස්සනට ලං වෙන්නෙත්............ කියලා එමාව සාධාරණිකරණය කරන්න මම කැමැති නෑ.
 මොකද එදා රෑ අහම්බෙන් ලස්සනට තුරුළු වෙලා නිදාගත්ත එක එමා වින්දා. ඒ කියන්නේ මොනවා වුනත් එමා ගෙ හිතේ ලස්සන ගැන පොඩි හරි හැඟීමක් තියෙනවා. එහෙම හැඟීමක් ඇති වෙන්න පුළුවන් ද ඒක හරිද වැරදිද කියන එක මම කියන්නේ නෑ ඒක ඔයාලට සාපේක්ෂ විදිහට තේරුම් ගන්න ඔයාලටම භාර කරනවා. 

Part 17

එමාට නින්ද ගියේ ම නෑ. ඒත් ආදර ට call කරන්න ත් බෑ. හිතල හිතල එමා පාන්දර 3 ට විතර ලස්සන ට මැසේජ් කලා. 
" ලස්සන ...ආදර කෝ?"

" එමා තාම නිදි නැද්ද ? බය වෙන්න එපා අපි ක⁣ට්ටිය අපෙ ගෙදර .අපි අර්ජිත් සිං ශෝ එක බලන්න ගියා. පස්සේ අකිලල කට්ටිය අපි ගෙදර ආවා. "

"ok " එමා ට ලස්සන එක්කත් තරහක් ආවා. හේතුව ක් නැතිවම. 

" ඔයා ඇයි නිදි නැත්තෙ ? නිදාගන්න එමා " 

" නෑ මම මේ බෝයි කෙනෙක් එක්ක chat  කරන ගමන් . ඔයාල party කරන්න. " හිතේ තිබ්බ තරහ එමා පිට කලේ ලස්සන ගෙන්. ඒ තරහ නිසාම කලීෆා එවුව පික් එක තියෙන screen shot එක ලස්සන ට සෙන්ඩ් කලා.

ටිකක් නිශ්ශබ්ද ව ඉදල එයා thumbs-up එකක් එවුවා. 

හප්පා .. සීසර් වෙන්න පුළුවන් කම හොදටම තියෙද්දි එයා එමා ට දුන්නෙ ක්ලියෝපැට්ර ලයින් එකක්... ලොකු සීන් ....

තව පැය දෙකක් එහෙමම ගත වුනා. එලි වෙන්න පැයයි. .ඒ ටිකත් මෙහෙම ඉදල පහලට යනව කියල එමා හිතුවා.  

එමා සිංදු අහන ගමන් හිතට වැදුණු නිසා " මම ඔබත් එක්ක සුහද කතාවක්" song එක fb එකට share කලා.

විනාඩි 5 ක් ගියෙ නෑ ලස්සන ආයිත් මැ⁣සේජ් කලා.

" තාම chat කරනව වගේ"
" නෑ දැන් ඉවරයි"
" එමා ඔයාට ඔලුව මොංගල් වේගන එනව වගේ...පිස්සුද හැටි ද? "
" මොකද මට බනින්නෙ? ඔයා ඔයටික යාලුවා ට කියන්න" එමා ට මොන හේතුව ක් ද මංද ලස්සන එක්ක රංඩු වෙන්න හිතුනෙ.

" එමා ඔයා ඔයතරම් මෝඩ ද? එක එක කොල්ලොන් ගෙ පික්ස් බල බල ඉන්නෙ? ලැජ්ජ නැද්ද? ".  ....  හ්ම්ම් ...ඒකයි මේ සෙනග නැත්තෙ කිවුවලු. එයාට තරහ ගිහින් තියෙන්නෙ ඒකට.

" පිස්සු ද ..මට ලැජ්ජා නැහැ . කොල්ලොන්ගෙ නයුඩ් පික්ස් බලන එක මගෙ හොබී එක..ඒ ⁣පික්ස් මම වෙබ්සයිට් එකකට දාල සල්ලි හම්බ කරනවා. ඇයි එහෙම හොදයි නේ?"

ලස්සන ඒකට රිප්ලයි කලේ නැහැ... හොදටම මල පන්නගෙන.මට හොදටම sure දැන් නමි ,,,ලස්සන ට ක්ලියෝපැට්ර ආරෑඩ වෙලා.. ශිට් එමා ට ඕනි උනෙ ක්ලියෝපැට්ර ගෙ චරිතෙ එයා ඇරං , ලස්සන ව සීසර් කරල දෙකට නැවීගෙන එමා ලග දනින් වට්ටව ගන්න ...ඒත් එමාට කලින් ලස්සන character එක ඇරගෙන.